
බතලේගොඩ වත්ත ප්රදේශයේ රබර් වතු යායක ලයිම් නිවාස කිහිපයක පදිංචි පවුල් 35 ක් පිරිසකට එම ලයිම් නිවාස වලින් ඉවත් වන ලෙස වතු හිමිකරුවන් විසින් බලපෑම් කර ඇත.
Published
කුරුණෑගල , බතලේගොඩ වත්ත, ඉබ්බාගමුව. ( ග්රාම නිලධාරී කොට්ඨාසය 525 - හේනේ ගෙදර. ) ප්රදේශයේ අක්කර 281 ක් වන රබර් වතු යායක ලයිම් නිවාස කිහිපයක පදිංචි පවුල් 35 ක් ( මුළු ජනගහණය 300 ක් පමණ ) පිරිසකට එම ලයිම් නිවාස වලින් ඉවත් වන ලෙස වතු හිමිකරුවන් විසින් බලපෑම් කර ඇත. එම නිවාස වල පදිංචි හය දෙනෙකුට එරෙහිව මේ වන විට නඩු පවරා ඇති අතර, නඩු පවරා ඇති පිරිස ඉවත් කළ පසු අනෙක් සියලුම පවුල් එම වත්තෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව හිමිකරුවෝ ප්රකාශ කළ බව එහි පදිංචි පිරිස පවසති.
මිලර් මහත්මිය
එහි වාසය කරන මිලර් මහත්මිය අප සමඟ අදහස් දක්වමින් කියා සිටියේ; "මේ ලැයිම් වල ඉන්න එක අම්ම කෙනෙක්ට පුතාලා හතරක් පහක් ඉන්නවා. ඒ හතර පස්දෙනා විවාහ උනත් ඒ ලැයිම් කාමරේම ඉන්න ඕනේ. එයාලටත් ළමයි ලැබුනම ඔක්කොටම එහෙම ඉන්න බෑනේ. එයාලා වහලේ එහෙම හදලා දෙන්නෙත් නෑ. මේවා ගරා වැටිලා තියෙන්නේ. වලක් කපන්න දෙන්නෙ නෑ. මොකුත් හිටවගන්න, වගා කරන්න දෙන්නේ නෑ. නුවරඑළිය පැත්තේ නම් එලවළු වගා කරගෙන කොහොම හරි කන්නත් පුළුවන්. මෙහේ රබර් කපන්න විතරයි තියෙන්නේ. වෙන වැඩ මොකුත් නෑ. එයාලා කියන විදියටම අපි ඉන්න ඕනේ. නැත්තම් එයාලා තර්ජනය කරනවා. අපි කෑල්ලක් සුද්ද කළා කියලා එයාලා අපිට නඩු දාලා තියෙන්නේ. උසාවි යන ගමන්ම එයාලා වැටක් ගහලා රබර් හිටවන්න ලෑස්ති උනා. අපි සුද්ද කරගත්තු කෑල්ලේ වැට ගැලෙව්වේ නැත්තම් දවස් තුනෙන් අපිව පාරට දානවා කිව්වා. අපිට එහෙම එළියට බහින්න බෑනේ ළමයි එක්ක. අපිත් මේ රටට ඡන්දේ දානවනේ." යනුවෙනි.
2023/08/15
PARL