
නැගෙනහිර පළාතේ පුරාවිද්යා උරුම කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය
Published
Image Credit : Tamil Gurdian
කෙටි සටහන් සහ අදහස්
නැගෙනහිර පළාතේ පුරාවිද්යා උරුම කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය
2020 ජූනි මස 2 දිනැති අංක 2178/17 දරණ අතිවිශේෂ ගැසට්පත්රය මගින් ශ්රී ලංකා ජනාධිපතිවරයා විසින් ‘නැගෙනහිර පළාතේ පුරාවිද්යා උරුම කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය' පිහිටුවන ලදි.
'ජනාධිපති කාර්ය සාධක බලකායක්' නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයාට බලය පවරා තිබෙන්නේ කුමන නීතිය යටතේ ද?
'ජනාධිපති කාර්ය සාධක බලකායක්' නිර්මාණය කිරීමට ජනාධිපතිවරයාට විශේෂයෙන් බලය පවරන නීතියක් නොමැත. ගැසට් පත්රයේ සඳහන් වන්නේ එය ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 33 වන වගන්තිය යටතේ පවත්නා බලතල භාවිතා කරන බවයි. ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 33 වන වගන්තිය මගින් ජනාධිපතිවරයාගේ බලතල දක්වා ඇති අතර, ජනාධිපතිවරයාට පහත සඳහන් දේ කළ හැකි බව පැහැදිලිවම සඳහන් කරයි:
i. ආණ්ඩුක්රම ව්යවස්ථාව සඳහා ගරු කරනු ලැබීම සහ එය තහවුරු කිරීම සහතික කිරීම,
ii. ජාතික සංහිඳියාව හා ඒකාබද්ධතාව ප්රවර්ධනය කිරීම,
iii. ආණ්ඩුක්රම ව්යවස්ථා කවුන්සිලයේ සහ ස්වාධීන ආයතනවල නිසි ක්රියාකාරිත්වය සඳහා පහසුකම් සැපයීම,
iv. මැතිවරණ කොමිෂන් සභාවට උපදෙස් දීම සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා නිසි කොන්දේසි නිර්මාණය කිරීම සහතික කිරීම,
v. පාර්ලිමේන්තුවේදී රජයේ ප්රතිපත්තිය ප්රකාශ කිරීම,
vi. පාර්ලිමේන්තුවේ චාරිත්රානුකූල රැස්වීම්වල මුලසුන දැරීම,
vii. පාර්ලිමේන්තුව කැඳවීම, කල් තැබීම සහ විසුරුවා හැරීම,
viii. තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් පිළිගැනීම, හඳුනා ගැනීම සහ පත් කිරීම,
ix. ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම,
x. ජනරජයේ පොදු මුද්රාව තබා ගැනීම,
xi. යුද්ධය සහ සාමය ප්රකාශ කිරීම,
xii. එවැනි සියලු ක්රියා සහ ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි නොවන දේ සිදු කිරීම.
අපේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 33 වන වගන්තිය අනුව පවා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම සඳහා නිශ්චිත බලයක් නැත. ඊට වෙනස්ව උදාහරණයක් වශයෙන්, 1978 අංක 09 දරණ විමර්ශන නීතිය මගින් විමර්ශනය සඳහා විශේෂ ජනාධිපති කොමිසම් සකස් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාට බලය ලබා දී තිබේ. කෙසේ වෙතත්, 'ජනාධිපති කාර්ය සාධක බලකායක්' සඳහා එවැනි විශේෂ නීතියක් නැත.
ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුකූලවන එවැනි සියලු ක්රියාවන් සිදු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා විසින් 33.2 (h) වගන්තියේ පුළුල් භාෂාව මත විශ්වාසය තබන බව පමණක් කෙනෙකුට උපකල්පනය කළ හැකිය.
ගැසට් පත්රයේ දී ‘ජනාධිපති කාර්ය සාධක බලකාය’ සඳහා ලබා දී ඇති හේතු
I. අනාගත පරපුර සඳහා ශ්රී ලංකාවේ ෙඑතිහාසික උරුමය ආරක්ෂා කිරීම.
II. ශ්රී ලංකාවට සාඩම්බර ඉතිහාසයක් තිබෙන අතර පුරාවිද්යා ඉතිහාසය යනු එහි අද්විතීයත්වයේ මූලාශ්රය කි.