ගොවි, ධීවර, වතු කම්කරු ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරිම ආහාර අර්බුදයෙන් ගොඩ ඒමට ඇති හොදම විසදුමයි - ඉඩම් අයිතිය සදහා වන ජනතා ව්යපාරය
ආහාර අර්බුදයේ තත්ත්වය
ශ්රී ලංකාව පසුකරමින් සිටින්නේ ආහාර සුරක්ෂිතාව අහිමි වූ, ජීවිකාවන් අනතුරට පත්වූ හා fඖෂධ වැනි අත්යාවශ්ය ද්රව්යන්හි හිඟය යනාදියෙන් ගහණ ආර්ථික අර්බුදයක සමයකි. ඉදිරි මාසවල උග්ර ආහාර හිඟයන් සහ ආහාර ද්රව්යවල මිළෙහි අනවරත ඉහල යාම අපේක්ෂා කිරීමට සිදුවනු ඇති බවට අනාවැනි පළවී ඇත. ජනලේඛණ හා සංඛ්යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව ආහාර උද්ධමනය 90.9% දක්වා ඉහලගොස් ඇත.
2022 වසරේ සැප්තැම්බර් මාසයේදී ලෝක ආහාර වැඩසටහන විසින් නිකුත් කරනු ලැබූ දත්ත වලට අනුව මිලියන 6.3 ක ජනයා, නොඑසේනම් ශ්රී ලංකාවේ ජනගහනයෙන් 30% ක් ‘ආහාර අනාරක්ෂිතතාවයෙන්’ පසුවන අතර ඔවුන්ට මානුෂවාදී ආධාර අවශ්ය වේ. මේ අතුරින් මිලියන 5.3 ක් ආහාර වේල් මඟහරින අතර අවම වශයෙන් 65,000 දෙනා දරුණු ආහාර අනාරක්ෂිතතාවක පසුවෙති. දූපත් රාජ්යය තුල දිගහැරෙන මේ අර්බුදය තුල ඉහල යන උද්ධමනය, ජීවිකාවන් අහිමිවීම, ක්රයශක්තිය පිරිහීම සහ ආහාර, fඖෂධ, ගෑස් හා ඉන්ධන වැනි අත්යාවශ්ය ද්රව්යවල උග්ර හිඟය හේතුකොටගෙන තත්ත්වය තවදුරටත් දුෂ්කර කරනු ඇත.
එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව ශ්රී ලංකාවේ දරුවන්ගෙන් 50% කට දැනටමත් ආහාර හා පෝෂණය සඳහා හදිසි ආධාර අවශ්යව ඇත. ලෝක ආහාර වැඩසටහන විසින් සිදුකළ සමීක්ෂණවලින් අනාරණය වී ඇත්තේ කොවිඩ් 19 වසංගතය හා ආර්ථික අර්බුදය පැන නැගීමට පෙර සිටම ශ්රී ලාංකීය දරුවන්ගෙන් 70% කගේ වර්ධනයේ ගැටලු පැවත ඇති බවයි. එනම් ඔවුන්ගේ වයසට තිබිය යුතු උස නොමැති අතර ඔවුන්ගෙන් 15% ක් ඉතා සිහින් සිරුරකින් හෙබි අය වෙති. අවුරුදු 5 අඩු දරුවන්ගෙන් 17% ක් නිසි වර්ධනයක් නොමැති, එනම් උසට සාපේක්ෂව බෙහෙවින් කෘෂ සිරුරු ඇත්තෝ වෙති. මෙම අර්බුධයත් සමඟ ඉදිරි කාළය තුල පෝෂණ මට්ටම තවදුරටත් පහත වැටීමට නියමිතය. යුනිසෙෆ් සංවිධානය විසින් මෙම වසරේ පළකරනු ලැබූ ප්රකාශනයක දැක්වුනේ මාස 6-59 අතර දරුවන් 56,000 ක් උග්ර මන්දපෝෂණ තත්ත්වයෙන් යුතුව ප්රතිකාර සඳහා රෝහල්ගත කරනු ලැබ ඇති බවයි.
ආනයන සීමා කිරීම් සහ තිරිඟු පිටි, පරිප්පු හා කිරිපිටි වැනි ප්රධාන පාරිභෝගික ද්රව්යවල හිඟය හේතුකොටගෙන ඒවායේ මිළ ගණන් අතිශයින් ඉහලගොස් ඇත. කෘෂිකාර්මික නිෂ්පාදනය පහත වැටීමේ නොවැලැක්විය හැකි ප්රතිඵලය වී ඇත්තේ සහල් හා එලවළු වැනි ප්රධාන ආහාරයන්හි මිළ ඉහල යාමයි. එකී ආහාර ද්රව්ය ලබාගැනීම අසීරුවීම සහ ඒවායේ මිළ දරාගත නොහැකි ලෙස ඉහල යාම, ගෘහස්ථ මට්ටමේදී ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ඍජු බලපෑමක් ඇතිකොට ඇත.
2021 වසර පුරාවට සමස්ථ වාර්ෂික ආහාර උද්ධමනය ඉහලගොස් ඇති අතර ඊට වසරකට පෙර එය 22% ක මට්ටමේ පැවතුනි. ශ්රී ලංකා රජය විසින් එකතු කරනු ලබන අගය මත පැනවූ බද්ද (ඪ්ඔ) 8% සිට 12% දක්වා වැඩිකරන ලද අතර ආයතනික බද්ද ද වැඩි කරනු ලැබූයේ ණය අර්බුදයට සහනයක් ගෙනදෙනු පිණිස රජයේ ආදායම බිලියන 65 ක් දක්වා වැඩි කරගැනීමේ අරමුණිනි.
උද්ධමනය සීඝ්රයෙන් වැඩිවන තත්ත්වයක් තුල නාගරික ප්රජාවන් ආහාර මිළදී ගැනීම සඳහා සිය ඉතුරුම් වැයකිරීමටත්, වතු ප්රජාවන් ආහාර හා අත්යාවශ්ය ද්රව්ය මිළදී ගැනීම සඳහා ණය ගැනීමට පෙළඹී ඇති බවටත් අනාවරණය වී ඇත.
මිලියන 2 ක පමණ ජනතාවක්, එනම් ශ්රී ලංකාවේ සමස්ථ ජනගහනයෙන් 9% ක් පමණ ගොවීන් වන අතර රටේ ජනගහනයෙන් 40% ක් නියෝජනය කරන පවුල් මිලියන 2.1 ක් කෘෂිකර්මාන්තයේ හෝ සත්ව පාලනයේ නියැලී සිටිති. 2022 ජුනි මාසයේ ප්රකාශයට පත්කෙරුනු ලෝක ආහාර වැඩසටහනේ ඇගයීම අනාවරනය කළේ සමහර දිස්ත්රික්කවල පරිභෝජන ද්රව්ය ප්රාදේශීයව ලබගත හැකි නමුත් ත්රිකුණාමල දිස්ත්රික්කයේ පාරිභෝගිකයින්ට වෙළඳපොල වෙත වන ප්රවේශය 80-90% කින් සීමා වී ඇති බවයි. තත්ත්වය දරා ගැනීමේ ක්ෂණික ප්රතිචාරයක් ලෙස පාරිභෝගිකයින් තමන් මිළදී ගන්නා භාණ්ඩවල ප්රමාණය අඩු කිරීමේ ප්රතිඵලයක් ලෙස ත්රිකුණාමල හා මුලතිවු හි එළවළු වෙළෙන්දන්ගේ දෛනික වෙළඳාම කි. ග්රෑ. 50-500 අතර ප්රමාණයකින් පහත වැටී ඇත.
ගොවි, ධීවර, වතු කම්කරු ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරිම ආහාර අර්බුදයෙන් ගොඩ ඒමට ඇති හොදම විසදුමයි - ඉඩම් අයිතිය සදහා වන ජනතා ව්යපාරය | PARL | PARLආහාර සුරක්ෂිතතාව තහවුරු කරනු පිණිස සුලු පරිමාණ ආහාර නිෂ්පාදකයින්ගේ වැදගත්කම
ශ්රී ලංකාවට තවදුරටත් ආරහාර සුරක්ෂිතතාව පවත්වාගනු පිණිස ආහාර ආනයනය මත රඳා පැවතිය නොහැකි බැව් පෙනීගොස් ඇත. අපගේ දේශීය ආහාර නිෂ්පාදනය ඉහල නැංවිය යුතුව ඇත. මේ අනුව ආහාර අර්බුදයෙන් මිදෙනු පිණිස වන කවර හෝ සැලැස්මක් රටේ ආහාර නිෂ්පාදකයා රැකගැනීම ප්රමුඛතාවයෙහිලා සැලකිය යුතුය. පසුගිය වසර 40 පුරාවටම ගෙනගිය ශ්රී ලංකාවේ ගොවීන්ගෙන් බහුතරය වන සුළු පරිමාණ නිෂ්පාදකයින් කෘෂිකර්මාන්තයෙන් බැහැර කරවීමේ උත්සාහයන්, ශ්රී ලංකාවේ ආහාර හා කෘෂිකාර්මික ක්ෂේත්රයන්හි අර්බුදය තීව්ර කිරීමට දායක වී ඇත.
වාර්ෂික ආහාර නිෂ්පාදනයෙන් 80% කට වඩා දායකත්වය සපයන්නේ දළ වශයෙන් හෙක්ටෙයාර 2 කට අඩු ගොබි බිම්වල වගා කටයුතු කරන මිලියන 1.65 ක් වන සුලු ගොවීන්ය යන කරුණ සැලකීමේදී ආහාර අර්බුදය සම්බන්ධයෙන් වන අපගේ ප්රතිචාර තුල එකී සුලු පරිමාණ නිෂ්පාදකයින්ගේ වැදගත්කම හඳුනාගත යුතු අතර ඔවුන්ගේ ඵලදායීතාව හා තිරසාර බව ඉහල නංවන පියවර ඒවා තුල අන්තර්ගත විය යුතුය.
2008 ලෝක ආහාර අර්බුදයෙන් පසු ගෝලීයවද සුලු පරිමාණ නිෂ්පාදකයින්ගේ වැදගත්කම පිලිබඳ කතිකාව වෙනස් වී ඇත. වර්තමානයේ පිලිගැනීම වන්නේ ගෝලීය ආහාර පද්ධති තුල සුලු පරිමාණ නිෂ්පාදකයින් ඉටු කරන භූමිකාව නොසලකා හැරිය හැකි හෝ ආදේශ කළහැකි එකක් නොවන බවයි. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 2014 ආහාර හා කෘෂිකර්මය පිලිබඳ තත්ත්ව වාර්තාවඤ2% කියා සිටින්නේ සෑම ගොවි බිම් 6 න් 5 ක්ම හෙක්ටෙයාර 2 ට අඩු වන බවයි. ඒවා සමස්ථ කෘෂිකාර්මික භූමියෙන් 12% ක් පමණක් වන නමුත් ලෝක ආහාර නිෂ්පාදනයෙන් 35% ක් පමණම සම්පාදනය කරන්නේ ඒවා විසිනි. වාර්තාව තවදුරටත් කියා සිටින්නේ ලෝකයේ පවතින මිලියන 570 ක් වන ගොවිබිම් වලින් 10 න් 9 ක්ම පවුලේ ගොවි බිම් වන අතර ලෝක ආහාර නිෂ්පාදනයෙන් 80% ක් ඒවා විසින් තෘප්ත කරන බවයි. එක්සත් ජාතීන්ගේ පවුලේ ගොවිතැන පිලිබඳ දශකය (2019-28) පිලිබඳ ප්රකාශනය සහ ගැමි ගොවීන් හා ග්රාමීය ප්රදේශවල වැඩකරන අනෙකුත් ජනතාවගේ අයිතිවාසිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ප්රකාශනය විසින් ලෝක ආහාර පද්ධතිය තුල ඉහල යමින් පවතින සුලු නිෂ්පාදකයින්ගේ වැදගත්කම හඳුනාගනී.
සුලු පරිමාණ නිෂ්පාදකයින්ගේ ඉඩම් අයිතිය සහතික කිරීම: සුලු පරිමාණ නිෂ්පාදකයින් (කාන්තා ගොවීන්ද ඇතුලුව) ප්රමුඛතාකරණය තුල ශ්රී ලංකාවේ ඉඩම් හා අනෙකුත් සම්පත් පාලනය කරන ප්රතිපත්තීන්හි ප්රතිසංස්කරණයක් ද අවශ්ය වේ. ඉඩම් භාවිතය, පාලනය සහ පරිපාලනය සම්බන්ධ ප්රතිපත්තිමය තීරණ තුල සුලු නිෂ්පාදකයින්ගේ ජීවිකාවන් සුරක්ෂිත කිරීම සහ සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම ප්රමුඛතාවයෙහිලා සැලකිය යුතුය.
සුලු පරිමාණ ආහාර නිෂ්පාදකයින්ට ඉඩම්
ආහාර නිෂ්පාදකයින්ගේ ජීවිකාව සුරක්ෂිත කිරීම හා ඔවුන්ගේ නිෂ්පාදන ශක්යතාව ඉහල නැංවීමට නම් ඔවුන්ට සිය ඉඩම්වල අයිතිය හා අනෙකුත් ස්වභාවික සම්පත් වෙත ප්රවේශය සහතික කිරීම අත්යාවශ්ය ය. නමුත් පසුගිය දශක කිහිපය තිස්සේම සාර්ව ආර්ථීක හා සංවර්ධන ප්රතිපත්ති අභිබවා ක්රියාත්මක වූ බහුතරයේ දේශපාලනය විසින් දහස් ගණනක් ගොවීන්ට සිය තීරණාත්මක ස්වභාවික සම්පත් වෙත ප්රවේශය අහිමි කරමින් ඔවුන්ගේ ජීවිකාවන් විනාශකොට දමා ඇත.
2020 හා 21 වසරවලදී ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය විසින් ක්රියාක්මක කරනු ලැබූ මහජන ඉඩම් කොමිසම විසින් දේශීය ආහාර නිෂ්පාදකයින්ට එරෙහි පහත ඉඩම් අයිතීන් උල්ලංඝනයන් හඳුනාගනු ලැබ ඇත.
විශේෂයෙන් උතුරේ හා නැගෙනහිර ගැටුම් පැවැති අවධියේ අත්පත් කරගනු ලැබූ ඉඩම් තවදුරටත් හමුදාව හා පොලීසිය යටතේ පවතී. එහි ප්රතිඵලයක් ලෙස එකී ප්රදේශවල ජීවත්වූ ප්රජාවන් බොහොමයකට සිය මුල් බිම් වෙත යලි පැමිණීමට නොහැකි වී ඇත. මුල්ලිකුලම්, කෙපාපිලව්, යාපනය හා කිලිනොච්චි ඤඋඹ1% යන ප්රදේශයන්හි මෙසේ දෙමළ ජනයාට අයිති ඉඩම් හමුදාව තවදුරටත් අත්පත් කරගෙන සිටියි. එමෙන්ම අම්පාර හා මඩකලපුව දිස්ක්රික්කවල ස්ථාන ගණනාවකම හමුදාව ඉඩම් අල්ලාගෙන සිටීම නිසා සිංහල හා මුස්ලිම් ධීවර පවුල් සිය ඉඩම් වෙත ඇතුල් වීමට නොහැකිව සිටිති. තවද, ගොවිතැන් කටයුතුවල නිරතවීම, සිය නිෂ්පාදන ප්රාදේශීය වෙළඳපොල තුල විකිණීම සහ ප්රාදේශීය නිෂ්පාදකයින්ගේ වෙළඳපොල ඩැහැ කිරීම යනාදිය තුලින් හමුදාව ප්රාදේශීය ආර්ථීකය තුල සක්රීයව කටයුතු කරයි.
ප්රාදේශීය ගොවීන් සතු කෘෂිකාර්මික ඉඩම්; වන භූමි, වන සංරක්ෂණ හෝ පුරාවිද්යා භූමි ලෙස අත්පත් කරගැනීම- උතුරේ හා නැගෙනහිර ආහාර නිෂ්පාදනයට ගොවීන් විසින් යොදාගනු ලැබූ ඉඩම් එක්වරම හිතුවක්කාරී ලෙස වන ජීවී, වන සංරක්ෂණ හෝ පුරාවිද්යාත්මක අරමුණු වෙනුවෙන් අත්පත් කරගනු ලැබූ ප්රජාවන් ගණනාවක්ම කොමිසම හඳුනාගනී. ආහාර නිෂ්පාදනය සඳහා වන සම්පත් වෙත ප්රාදේශීය ප්රජාවන් ප්රවේශ වීම මෙමඟින් අවහිර කරනු ලැබ ඇත.
ප්රදේශයේ සුලුතරය මුස්ලිම්වරුන් වන මුලතිවු වැනි ප්රදේශයන්හි එවන් සිදුවීම් කොමිසමේ අවධානයට ලක්වී ඇත. විල්පත්තු සහ ත්රිකුණාමල ප්රදේශයන්හි ප්රජාවන් විසින් ද මීට සමාන පැමිණිලි ඉදිරිපත් කරනු ලැබ ඇත. අම්පාරේ කිරන්කෝමල්, කෝමාරිමනල්, කනගර් කිර්මාම් (පොතුවිල් ප්රාදේශීය ලේකම් කොට්ඨාශය) සහ පලට්ටවත්ත (ඉරක්කමම් ප්රාදේශීය ලේකම් කොට්ඨාශය) යන ප්රදේශයන්හි කලින් හමුදාව විසින් අත්පත් කොටගෙන සිටි බලපත්ර හිමි ගොවීන්ගේ ඉඩම් මේ වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගනු ලැබ ඇත. අම්පාරේ වීගමම් (පොතුවිල්) හි ගොවි ප්රජාව යුධ සමය තුල 1990 වසරේදී සිය ගම්බිම් හැරයන ලද අතර 2010 හා 2011 වසරවල නැවත පැමිණීමෙන් පසු ඔවුන්ට දැකගැනීමට ලැබුණේ එකී ඉඩම් ලාලුගල ජාතික වනෝද්යානය වෙත ඈඳාගෙන ඇති ආකාරය යි. 1987 වසරේදී ඉදයපුරම් සහ කරන්කෝවයි බටහිර, අමවෙට්ටාන් සහ වීගමම්, මතුරන් වෙල්ලි (අම්පාර) යන ප්රදේශයන්හි සිය බලපත්ර ඉඩම් හැරදා යාමට සිදුවූ ජනයාගේ ඉඩම්ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගනු ලැබ ඇත. පොතුවිල් ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ තුක්වෙල්ල සහ සෙම්බුවේලි සහ ත්රිකුණාමලය ආසන්නයේ වෙල්වේරි යන ප්රදේශයන්හි ප්රජාවන්ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉඩම් අත්පත් කරගැනීම් නිසා සිය කෘෂිකාර්මික ජීවනෝපායේ නිරතවීමේදී අසීරුතාවන්ට මුහුණ දෙති. තෝනිකල් (තිරුක්කෝවිල් ප්රාදේශීය ලේකම් කොට්ඨාශය), වට්ටමඩු (තිරුක්කෝවිල් ප්රාදේශීය ලේකම් කොට්ඨාශය) සහ අම්පාරේ කෝමාරි (පොතුවිල් ප්රාදේශීය ලේකම් කොට්ඨාශය) යන ප්රදේශයන්හි වසර 80 කට වඩා (යුධ සමය තුල පවා) ගොවිතැනේ නිරත වූ ජනතාවගේ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගනු ලැබ ඇති අතර පොලීසිය යොදාගනිමින් ඔවුන්ව එකී ඉඩම්වලින් ඉවත් කරවා ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත. චුන්ඩිකුලම් හි ජාතික වනෝද්යානයක් ස්ථාපිත කිරීම හේතුවෙන්ද, ප්රජාවගේ ජීවිත වලට බලපෑම් එල්ල වී ඇත්තේ ඔවුන්ට සිය කෘෂිකාර්මික ඉඩම් වෙත වන ප්රවේශය එමගින් අවහිර කරනු ලැබ ඇති බැවිනි.
සංචාරක ව්යාපාරය සඳහා ඉඩම් අත්පත් කරගැනීම -
යටිතල පහසුකම් සංවර්ධනය හා අපනයනය අරමුණුකොටගත් මහා පරිමාණ කෘෂිකර්මය- බොහෝ දිස්ත්රික්කවල ප්රජාවන් මහජන ඉඩම් කොමිසම හමුවේ පැමිණිලිකොට සිටියේ නාගරික ව්යාප්තිය, පෞද්ගලික ව්යවසායන් සඳහා කෘෂිකාර්මික ඉඩම් වෙන්කිරීම සහ විවිධ අමාත්යාංශ විසින් බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනීම විසින් ප්රාදේශීය ගොවීන්ට අයත්ව තිබූ ඉඩම් ක්රමක්රමයෙන් අඩු වෙමින් පවතින බවයි. මේ හේතුකොටගෙන සාම්ප්රදායික ක්රමවේද (උදා- එක් එක් කන්නයේ බිම් කොටස් මාරුවෙන් මාරුවට වගාවට යොදා ගැනීම) යොදාගනිමින් සිය ඉඩම් කළමණාකරණය ගොවීන්ට අසීරු වී ඇති අතර ප්රජාවන්ගේ ජීවිකාවන්ගේ ස්වරූපයට එය බලපෑම් කරයි. එහි ප්රතිඵලයක් ලෙස සමහර ගෙවීන් කෘෂිකර්මාන්තයේ නියැලීම වෙනුවට වෙළඳසැල් ආරම්භ කිරීමට යොමුව ඇත.
ප්රාදේශීය ජීවිකාවන්ට වැදගත් ඉඩම් පුද්ගලික සමාගම් ගණනාවක් විසින් අත්පත් කොටගෙන ඇති අතර වෙරළෙන් කොටසක්ද අත්පත් කොටගෙන සිටින ගාල්ල දිස්ත්රික්කයේ රියු හෝටලය සහ හම්බන්තොට දිස්ත්රික්කයේ බාර් විලේජ් හෝටලය විසින් අත්පත් කොටගෙන සිටින්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්රජාව වෙත ලබාදී ඇති ඉඩම් ය. හම්බන්තොට කෙසෙලේ සහ අඹ වගා සිදුකරන සමාගම්, අන්දරවැව වනාන්තරය අයත් භූමියක ඉදිකොට ඇති කුඩා වැවට හානිකර ලෙස ක්රියාත්මක ෆොරස්ට් රොක් හෝටලය ඉඩම් අත්පත් කොටගෙන සිටින කොස්ගොඩ කසල කළමණාකරණ ව්යාපෘති සහ ත්රිකුණාමලයේ හෝටල් හා පුද්ගලික ව්යාපාර ගණනාවක්ද මේ අතර වේ. පානම ප්රදේශයේ (අම්පාර) ප්රජාව වෙරළ අත්පත් කොටගෙන සිටින වානිජ ස්ථාපිතයන් සහ හෝටල් සහ මා දැල් භාවිතය සම්බන්ධයෙන් සීමාවන් පනවනු ලැබීම පිලිබඳ (මෙම ප්රදේශයේ සංචාරක කර්මාන්තයේ පිබිදීමට මුල්වී ඇති හේතු අකර අන්තර්ජාතික මැදිහත්වීම් සහ ලෝක බැංකු ප්රතිපත්ති පැමිණිලි කරති. පොලොන්නරුවේ අක්කර 2,000 ක භූමියක් අවුරුදු 50 ක බද්දකට යටත්ව සීඅයිසී හෝල්ඩිංග්ස් (ක්ෂක් ්යදකාසබටි) වෙත ලබාදී ඇත්තේ බීජ පිලිබඳ පර්යේෂණ කටයුතු සඳහා ය. කෙසේවෙතත්, අසල්වාසී ගොවීන් කියා සිටින්නේ එකී භූමියේ එම සමාගම වගා කටයුතු සිදුකරන බවයි. එමෙන්ම එම සමාගම පරිසරය වෙත ඇතිවන බලපෑම් කෙරෙහි අවධානයක් යොමු නොකරන බවත්, අධික ලෙස කෘමිනාශක භාවිතා කරන බවත් ගොවීහු කියා සිටිති. එමෙන්ම මෑතකදී රිදීමාලියද්ද (බදුල්ල දිස්ත්රික්කය) සහ අනුරාධපුර ප්රදේශයන්හි අක්කර දහස් ගණනක ගොවි බිම් අපනයනය ඉලක්ක කොටගත් නිෂ්පාදන සඳහා විදේශීය සමාගම්වලට ලබාදීමේ උත්සාහයන් පිලිබඳ වාර්තා විය.
ආහාර නිෂ්පාදනය සඳහා යොදාගනු ලැබ ඇති භූමිය වෙනත් අරමුණු වෙනුවෙන් යොදා ගැනීම නිසා ප්රාදේශීය ප්රජාවන්ගේ මෙන්ම සමස්ථ රටේම ආහාර සුරක්ෂිතතාව අවදානමෙහි හෙලා ඇත.
වතු ප්රජාවන්ගේ ඉඩම් අයිතිවාසිකම්- ඡන්ද බලය අහිමි කිරීම සහ තීරණ ගැනීමේ ක්රියාවලියෙන් වතු ප්රජාවන් ක්රමිකව බැහැර කිරීම, ඔවුන්ගේ ජීවන තත්ත්වයන් කෙරෙහි විනාශකාරී ලෙස බලපා ඇත. වතු ප්රජාවන්ට ඉඩම් ලබාදීම සඳහා ඇති කරනු ලැබූ ප්රතිපත්තිමය වෙනස්කම් තිබියදී පවා නිලධාරි තන්ත්රයේ අසාර්ථකත්වයන් විසින් වතු ක්ෂේත්රයේ ඉඩම් අහිමි තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාමට ආධාරක වී ඇත.
නිවාස සහ කෘෂිකාර්මික ඉඩම් වෙත ප්රවේශය සීමා වීම හේතුකොටගෙන ආහාර සුරක්ෂිතතාව අතින් විශාලම අවදානමට වතු පවුල් මුහුණ දෙති. විවිධකාර නිවාස යෝජනාක්රම යටතේ සමහර පවුල් වෙත පර්චස් 7 ක ඉඩම් කට්ටි ලබාදීමට කටයුතුකර ඇති නමුත් එම පවුල්වලට සිය පරිභෝජනය සඳහා පවා ප්රමාණවත් වගාවක් සිදුකර ගැනීමට එකී බිම් කොටස ප්රමාණවත් නොවීම නිසා එම පියවර ප්රමාණවත් නොවන බව බැලූ බැල්මට පෙනී ගොස් ඇත.
රටේ වර්තමාන ආහාර අර්බුදයෙන් ගොඩ ඒමේ අනිවාර්ය හා හදිසි ක්රියාමාර්ගයක් ලෙස පහත නිර්දේශයන් ක්රියාත්මක කරමින් දේශීය ආහාර නිෂ්පාදකයින්ගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරන ලෙසට ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය රජයට දැඩි ලෙස කියා සිටියි.
හමුදාව විසින් අත්පත් කොටගෙන සිටින ඉඩම් ජනතාව සහ ප්රජාවන් වෙත නැවත ලබාදීමේ වැඩසටහනක් රජය විසින් වහාම ක්රියාවට නැංවිය යුතුය. සිය ඉඩම් වෙත නැවත පැමිණෙන ජනතාවට නැවත සිය කෘෂිකාර්මික කටයුතු හා අනෙකුත් ජීවිකාවන් ආරම්භ කිරීමට ප්රමාණවත් සහයක් රජය විසින් ලබාදිය යුතුය. හමුදාව ඉඩම් අත්පත් කරගෙන සිටි කාළය සඳහා සිදුවූ අලාභය සඳහා ඉඩම් හිමියන්ට වන්දි ලබාදිය යුතුය.
ආරක්ෂක තර්ජන හේතුවෙන් ජනතාවට සිය මුල් ඉඩම් වෙත නැවත යා නොහැකි නම් (හෝ ඔවුන් විසින් දක්වා සිටින වෙනත් සාධාරණ හේතුවක් නිසා) සහ ඔවුන් විකල්ප ඉඩම් ලබාගැනීමට කැමති නම් එවැනි ඉඩම් ලබාදීමේදී ජනතාවගේ ජීවිකා අවශ්යතා, අධ්යාපනය සඳහා ප්රවේශය, පොදු ප්රවාහනය හා මූලික සේවාවන් කෙරෙහි අවධානය යොමුකළ යුතුය.
හෝටල්, ගොවිපොල සහ අනෙකුත් වානිජ ව්යාපාර වැනි ආරක්ෂක හමුදාව විසින් සිදුකරන ව්යාපාර නවතා දැමිය යුතුය.
හිතුවක්කාරී ලෙස වන සංරක්ෂණ හෝ වන ජීවී දෙපාර්තමේන්තු වලට අයත් ඉඩම් ලෙස සලකුණු කරනු ලැබ ඇති පුද්ගලික කෘෂිකාර්මික ඉඩම් හඳුනාගැනීම සඳහා වන වැඩසටහනක් ප්රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් (ප්රාදේශීය ලේකම් යටතේ) ක්රියාත්මක කොට එම ඉඩම් වගාව සඳහා ගොවීන් වෙත නිදහස් කළ යුතුය. යාබද පරිසර පද්ධතීන් හි සුරක්ෂිතතාව සහතික කරනු පිණිස මෙම ඉඩම් මිශ්ර භෝග සහිත වනගත ගෙවතු (දෙරුිඑ ට්රාැබි) ලෙස වැඩිදියුණු කිරීමට ගොවීන්ට සහය ලබාදිය යුතුය. හිමිකාරත්වය පිලිබඳ සාක්ෂි හා මුල් ඉඩම් භාවිතය, පාරිසරික සංවේදීතාව සහ එම ඉඩම් ප්රදේශීය ප්රජාවන්ට, ඔවුන්ගේ ජීවිකාවන්ට හා ආහාර සුරක්ෂිතතා අරමුණු සඳහා ඇති වැදගත්කම සලකමින් එවැනි ඉඩම් හඳුනා ගැනීම සිදුකළ යුතුය.
ප්රාදේශීය ආහාර නිෂ්පාදකයින් විසින් සිය ජීවිකාවන් සඳහා යොදාගනු ලැබ ඇති ඉඩම් සංවර්ධන ව්යාපෘති, සංචාරක කර්මාන්තය හෝ කාර්මික කෘෂිකාර්මික ව්යාපෘති සඳහා ලබාදෙනු පිණිස වන ඉඩම් අත්පත් කරගැනීමේ කවර හෝ උත්සාහයන් වහාම නැවැත්විය යුතුය. ඒ වෙනුවට ප්රජාවන්ගේ ජීවිකාවන් සහ ආහාර නිෂ්පාදන පද්ධති සංවර්ධන සැලසුම් සමඟ ඒකාබද්ධ කරන ප්රජා පාදක සංචාරක ව්යාපෘති හා අනෙකුත් සංවර්ධන ව්යාපෘති වැඩිදියුණු කිරීම සඳහා ප්රජාවන්ට අවශ්ය සහය ලබාදිය යුතුය.
සංවර්ධන ව්යාපෘති සඳහා අත්පත් කොටගෙන, එකී ව්යාපෘති වෙනුවෙන් යොදාගනු ලැබ ඇති ආහාර නිෂ්පාදකයින්ගේ ඉඩම් වෙනුවට ඔවුන්ට යලි සිය ජීවිකාවන් ඇරඹීමට අවශ්ය අත්යාවශ්ය යටිතල පහසුකම් සහිත සුදුසු විකල්ප ඉඩම් ලබාදීමට වහාම පියවර ගතයුතුය. ඔවුන්ට සිදුවන පාඩු වෙනුවෙන් නිසි වන්දි ගෙවීමක් සිදුකළ යුතුය.
වතු ක්ෂේත්රයේ සේවය කිරීම හේතුකොටගෙන වතුවල ජීවත්වීමට සිදුව ඇති සියලු නේවාසික පවුල් සඳහා අවම වශයෙන් පර්චස් 20 ක ඉඩමක් හා නිවසක් ලබාදිය යුතුය. පදිංචිය සහ ගෘහාශ්රිත ආහාර නිෂ්පාදනය වෙනුවෙන් එකී ඉඩම භාවිතා කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමේ නිදහස ඔවුන්ට හිමිවන පරිදි එම ඉඩමට නිසි ඔප්පුවක් සහිතව පූර්ණ හිමිකාරත්වය ඔවුන් වෙත ලබාදිය යුතුය. කාන්තාවන්ටද ඉඩම් සඳහා සමාන අයිතියක් හිමිවන බවට සහතික වියු යුතුය.
වගා නොකල සහ අත්හැර දමන ලද වතු ඉඩම් ආහාර භෝග වගාව සඳහා වතු කම්කරුවන් අතර බෙදාදිය යුතුය. ඒක-භෝග වතු වගා බිම් කෘෂි වන වගාවන් ලෙස වැඩිදියුණු කිරීමට වතු කම්කරුවන්ට සහය වෙමින් කුඩා ඉඩම් හිමියන් ලෙස වතු ප්රජාවට නැඟී සිටීමට උපකාර කළ යුතුය.
පරිභෝජනය සඳහා ආහාර භෝග වගා කිරීම සහ එවැනි වගා සිදුකරන ඉඩම් සඳහා සම්පත් භාවිතයේදී වතු කළමණාකාරීත්වයෙන් අවසර ලබාගැනීමේ අවශ්යතාව වැනි වතු කම්කරුවන් සිය පදිංචිය සඳහා භාවිතා කරන ඉඩම් සම්බන්ධයෙන් බලපවත්වන සීමාකාරීත්වයන් හා පාලනයන් ඉවත් කළ යුතුය.
එක්වරම හදිසියේ ක්රියාවට නංවනු ලැබූ අහිතකර රසායනික පොහොර තහනම හේතුකොටගෙන මූල්යමය පාඩු විඳීමට සිදුවූ ගොවීන් වෙත ප්රමාණවත් වන්දි ගෙවීමක් කළ යුතුය.
ගෘහස්ථ මට්ටමේ සහ ප්රජා මට්ටමේ ආහාර සුරක්ෂතතාව ශක්තිමත් කරනු පිණිස කුඩා පරිමාණ ගොවීන් වෙත කෘෂිකාර්මික සහනාධාර වැඩසටහනක් හඳුන්වාදිය යුතුය.
රජයේ ව්යාප්ති සේවා මඟින් දේශගුණ වෙනස්කම්වලට ඔරොත්තු දෙන වගා ක්රම ප්රවර්ධනය (කාබනික පොහොර, දේශීය බීජ ප්රභේද බෙදා දීම සහ අදාල තාක්ෂණීක පුහුණු ලබා දීම) කළ යුතුය.