
ජනපති පොරොන්දුව ඉටු කරන්න - 2018 දෙසැම්බර් 31 වන විට ඉඩම් නිදහස් කරන්න
Published
2018 දෙසැම්බර් 20
ජනාධිපති මෛත්රීපාල සිරිසේන වෙත
පිටපත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සහ දේශපාලන පක්ෂ නායකයින් වෙත
ජනපති පොරොන්දුව ඉටු කරන්න - 2018 දෙසැම්බර් 31 වන විට ඉඩම් නිදහස් කරන්න
උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධන ව්යාපෘති අධීක්ෂණය සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමකදී, “උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් සම්බන්ධයෙන් ඇති සියලුම ගැටළු විසඳීමෙන් අනතුරුව, දෙසැම්බර් 31 වැනි දිනට පෙර, ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත නිදහස් කිරීමේ ක්රියාවලිය සම්පුර්ණ කරන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය” , යනුවෙන් 2018 ඔක්තෝබර් 4 වැනි දින ජනාධිපති මාධ්ය අංශය විසින් වාර්තා කරන ලදී.
අපගේ ඉඩම් බලහත්කාරයෙන් ලබාගෙන ඇති අතර, යුද්ධය අවසන් වීමෙන් වසර 10කට ආසන්න කාලයක් තිස්සේ තවමත් බොහෝ සෙයින් දුක් පීඩා විඳින අප, ඔබ විසින් මෙම පොරොන්දුව ඉටු කරන ලෙසත්, මාස කිහිපයකට පෙර ඔබ විසින් ලබාදුන් උපදෙස් අනුව බලධාරීන් කටයුතු කරන බවට වගබලා ගන්නා ලෙසත්, ඉල්ලා සිටින්නෙමු.
අගමැතිතුමා සහ සියලුම දේශපාලන පක්ෂ හා සන්ධාන නායකයින් මෙයට සම්පුර්ණයෙන් සහාය දක්වන ලෙසටත්, මෙම තීරණය ක්රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලෙසටත්, අපි ඉල්ලා සිටින්නෙමු.
පසුගිය වසර කිහිපය තුළ රජය විසින් අල්ලාගත් සමහර ඉඩම් විවිධ ප්රජාවන් වෙත මුදා හැරීම පිළිබඳව අපි අගය කරන්නෙමු. එහෙත්, ඔවුන්ට නැවත පදිංචිවීම සඳහා ප්රමාණවත් සහායක් නොලැබීම සහ ඔවුන්ගේ නැවත පදිංචිවීමට බාධා වන ආකාරයෙන් මුහුණදීමට සිදු වු වෙනත් සීමා හා බාධාවන් පිළිබඳව දැඩි ලෙස කලකිරී ඇත.
විදේශ අමාත්යාංශයේ නියෝජිතයින්ගේද සහභාගීත්වයෙන් 2018 අගෝස්තු මස 21 වැනි දින ශ්රී ලංකා පදනම් ආයතනයේදී ඉඩම් අයිතිය පිළිබඳ ජනතා සන්ධානය විසින් පවත්වන ලද ඉඩම් හා සම්බන්ධ සාකච්ඡාවකින් පසුව, 2018 අගෝස්තු මස 29 වැනි දින රජය වෙත භාරදෙන ලද සංක්ෂිප්ත වාර්තාව හා නඩු 15ක සාරාංශ මේ සමඟ ඔබගේ සහාය සඳහා අමුණා ඇත. 2018 ජූලි මාසයේදී ඉඩම් අයිතිය පිළිබඳ ජනතා සන්ධානය විසින් ඉඩම් සම්බන්ධයෙන්, වන්දි පනත සම්මත වීමට පෙර, එයට අදාලව ඉදිරිපත් කරන ලද කරුණුද මේ සමඟ අමුණා ඇත.
සම්පුර්ණ අත්සන් සහිත පිටපත පහත ලිනික් එක හරහා බා ගත කරගන්න.