
ඉඩම යනු හුදෙක් භාණ්ඩයක් පමණක් නොවේ. එය මානව හිමිකම් භුක්ති විඳීමට අත්යවශ්ය අංගයකි.
Published
2023 / 06 / 21 දිනට යෙදුනු ඉඩම් දිනයට සමගාමීව ඉඩම් අහිමි ජනතාවට ඉඩම් අයිතිය දිනාගැනීම වෙනුවෙන් 2023 / 06 / 21 දින කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය සඳහා වූ ව්යාපාරය හැටන් නගරයෙහි ක්රිෂ්ණ භවන් ශාලාවේ මාධ්ය හමුවක් පැවැත්විණි. එම මාධ්ය හමුවෙන් පසු හැටන් නගරයේ පැවති පාගමනට විශාල පිරිසක් එක්ව සිටියහ.
සංවිධාන 20කට අධික ප්රමාණයකගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම මාධ්ය හමුවේදී කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය සඳහා වූ ව්යාපාරය විසින් විශේෂ ප්රකාශයක් කරමින් කියා සිටියේ,
" ඉඩම යනු හුදෙක් භාණ්ඩයක් පමණක් නොවේ. එය මානව හිමිකම් භුක්ති විඳීමට අත්යවශ්ය අංගයකි."
ඉඩම යනු මානව හිමිකම් රැසක් භුක්ති විඳීමෙහි සෘජුවම බලපාන හරස්කඩකි. ඉඩම් හිමිකම්, පුත්ගලයන් රැසකගේ ජීවනෝපාය මාර්ගයක් සහ ආර්ථික අයිතිවාසිකම් වල පදනම ලෙස සැලකේ. මෙය ගොඩක් දුරට ජනතාවගේ අනන්යතාවය හා බැඳී තිබේ. තවදුරටත් එය සමාජ සංස්කෘතික අයිතීන් හා බැඳී තිබෙන බව එකසත් ජාතීන්ගේ සංවිධානය තහවුරු කරයි. ඉඩම් ප්රතිපත්තිය හා එය ක්රියාත්මක කිරීම ආහාර අයිතිය, සංස්කෘතිය, නිවාස ඉදිකිරීම්, ජලය, ශාරීරික හා මානසික සෞක්ය, රැකියාව සහ ප්රමාණවත් ජීවන තත්වය කෙරෙහි සෘජුවම බලපාන බවට පැවසේ.
බහුජාතීන් ජීවත් වන ශ්රී ලංකාවේ ඉඩම් හිමිකම් නොමැති අය සැලකිය යුතු ප්රමාණයක් ජීවත් වන අතර දශක විස්සකටත් වඩා වැඩි කාලයක් කඳුකරයේ දෙමළ ජනතාව ඉඩම් හිමිකම් නොමැති සමාජයක් හැටියට ජීවත් වෙති. ජීවත් වීමට හා ජීවිකාව ගෙන යෑම සඳහා ඉඩම් අයිතිය වෙනුවෙන් හඬ නැගූවද ජාතික දේශපාලන ප්රවාහයේ ප්රධාන තේමාව ලෙස මෙය ප්රකාශයට පත් කිරීම අවශ්යයි. මේ රටේ කාලෙන් කාලෙට දේශපාලන වශයෙන් අසාමාන ආකාරයෙන් ක්රියාත්මක වූ ප්රතිපත්ති තීරණ හේතුවෙන් ප්රජා අයිතිය, චන්ද අයිතිය, ඉඩම්, අධ්යාපනය, භාෂාව, රජයේ රැකියා අවස්ථාවන් හා රාජ්ය සේවාවන් ලබාගැනීම වැනි අයිතීන් භුක්ති විඳීමේදී කඳුකර ජනතාව බැහැර කෙරෙණු අතර, මෙම ජනතාවගේ වර්ධනය හා සංවර්ධනය කෙරෙහි බලපාන ප්රධාන බාදාව වී ඇත්තේ ඉඩම් අයිතිය ප්රතික්ෂේප වීමයි.
මේ හේතුවෙන් කඳුකර ජනතාවගේ ගෞරවාන්විත ජීවිතය හා ඔවුන්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම, රටේ අර්ථිකය සංවර්ධනය කිරීම සහ සාමකාමී සංහිඳියාවෙන් යුක්ත වූ ලංකා දේශයක් ගොඩනැගීම උදෙසා ඉඩම් අයිතිය තහවුරු කිරීමට දේශපාලන නියෝජිතයන්, වෘත්තීය සංගම්, සහ සිවිල් සමාජ සංවිධාන එක්ව එකට අත්වැල් බැඳ ගනිමු යන්නයි.
මූලික ඉල්ලීම්
* ලංකාවේ ඉඩම් අයිතිය නොමැති සෑම සමාජයකටම ඉඩම් අයිතිය තහවුරු කිරීම.
* කඳුකර ජනතාවගේ ගෞරවාන්විත ජීවන තත්වය තහවුරු කිරීමේ අරමුණෙන් ප්රමාණවත් නිවාස ඉදිකිරීමට නීත්යානුකූල හිමිකම් සහිත සුදුසු ඉඩම් ලබා ගැනීම.
* කඳුකර ප්රදේශ වල ඉදිකර ඇති තනි නිවාස යෝජනා ක්රමවලට ලංකාවේ බලපැවැත්වෙන ඉඩම් නීති අනුගමනය කරමින් සම්පූර්ණ සින්නකර ඔප්පු ලබා ගැනීම සඳහා නීතිමය පටිපාටියක් සකස් කිරීම.
* කඳුකර ජනතාවගේ ආහාර ස්වෛරීභාවයේ අවශ්යතාවය හා ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා කුඩා තේ වතු හිමියන්ගෙන් සැදුම්ලත් ව්යුහයක් සැකසීම.
* කඳුකර ජනතාවගේ කලාව, සංස්කෘතිය, ආගම හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ඉඩම් අයිතිය තහවුරු කිරීම.* * *