
කුරුඳුමලේ ප්රජාව සමඟ PARL කළ සාකච්ඡාව
Published
ගම්වාසීන් විසින් අප වෙත සපයන ලද තොරතුරුවලට අනුව, යුද්ධය හේතුවෙන් කුරුඳුමලේ ගම්මානයේ පවුල් 134 කට ආසන්න සංඛ්යාවක් මුලතිව්හි වෙනත් ස්ථානවලට සංක්රමණය වී තිබේ. (ඔවුන්ගේ ගම සහ නිවාස 1984 කැරැල්ලේදී හමුදාව විසින් සම්පූර්ණයෙන්ම ගිනිබත් කරන ලදී). කෙසේ වෙතත් ඔවුන් ගමෙන් පිටව ගියද 2018 වසර දක්වා කුරුඳුමලේ හී තම වගාවන්, මසුන් ඇල්ලීම, දඩයම් කිරීම සහ ගොවිතැන් කිරීම කරගෙන ගොස් තිබේ. මෙම ගම්වාසීන්ට කුරුඳුමලේ ඉඩම් සඳහා ඔප්පු තිබූ නමුත් යුද්ධය සහ කෝලාහල අතරතුරදී බොහෝ දෙනෙකුට ඒවා අහිමි විය. කෙසේ වෙතත්, ඔවුන් සතුව ඡන්ද නාම ලේඛනය, ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය, විවාහ සහතිකය ආදී වෙනත් සාක්ෂි තිබේ.
2018 වර්ෂයේදී භික්ෂුවක ගමට වැඩම කොට ඇති අතර ඒ සමඟම පුරාවිද්යා දෙපාර්තමේන්තුවෙන් මෙම ග්රාමය පිළිබඳ පර්යේෂණයක් සිදු කිරීමට පටන් ගෙන තිබේ.
ගම්වාසීන් පවසන පරිදි, එම භික්ෂුව පරම්පරා ගණනාවක් පුරා ගම්වාසීන් වන්දනාමාන කළ කුඩා හින්දු කෝවිලක් (ත්රිසෝලම්) ඉවත් කර බෞද්ධ විහාරයක් ඉදිකරන ලදී. මෙය සිදුවී ඇත්තේ 2018-19 කාලයේදීය.
විශේෂයෙන්ම කෝරෝනා වසංගත තත්වය තුළ සංචරණ සීමා පනවා තිබු කාලය අතරතුර මෙහි කටයුතු ඉතා සුක්ෂම සහ රහසිගතව සිදු කොට ඇති බව ගම්වාසීන් චෝදනා නඟන තවත් කරුණකි. ඒ අනුව 2021 වසරේදී පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් නැවත කැණිම් කටයුතුද සිදු කොට තිබේ.
කෙසේ වෙතත් වන විට ගම්වාසීන්ට එම ස්ථානය නැරඹීමට අවසර නොමැති අතර ඔවුන්ගේ ඉඩම්ද පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගෙන ඇත. පුරාවිද්යා දෙපාර්තමේන්තු පරිශ්රයට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් ගම්වාසීන්ට එරෙහිව නඩු පවතින අතර එම නඩු සම්බන්ධයෙන් තවදුරටත් PARL කටයුතු කරනු ඇත.