

Published
ශ්‍රී ලංකාවේ කොළඹදී පැවැත්වීමට නියමිත ‘දකුණු ආසියාතික නගරවල සාධාරණත්වය අන්තර් ග්‍රහණය කිරීම සහ නාගරික සොබාදහම පදනම් කරගත් විසඳුම් නැවත සකස් කිරීම’ පිළිබඳ ප්‍රතිපත්ති පර්යේෂණාගාරය
2023 ජූලි 17, කොළඹ - වර්ෂ 2023 අගෝස්තු 22-23 දිනවල ශ්‍රී ලංකාවේ කොළඹ දී පැවැත්වීමට නියමිත දින දෙකක ප්‍රතිපත්ති පර්යේෂණාගාරයෙහි කේන්ද්‍රීය සාධකය වනු ඇත්තේ සධාරණත්වය අන්තර්ග්‍රහණය කරන සහ දකුණු ආසියානු නගරවල අද්විතීය අභියෝගවලට මුහුණ දෙන ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් (NbS) සඳහා වන අවශ්‍යතාවයයි. ස්ටොක්හෝම් පරිසර ආයතනයේ උපායමාර්ගික සහයෝගීතා අරමුදලේ සහාය ඇතිව පවත්වනු ලබන මෙම ප්‍රතිපත්තිමය සංවාදයේ අරමුණ වන්නේ, වර්ධනය වන නාගරික ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කරමින් කලාපයේ සමාජ, දේශපාලන සහ ආර්ථික සන්දර්භය තුළ ස්වභාවධර්මය පදනම් කරගත් විසඳුම් නැවත සකස් කිරීමයි.
‘දකුණු ආසියාතික නගරවල සාධාරණත්වය අන්තර්ග්‍රහණය කිරීම සහ නාගරික සොබාදහම පදනම් කරගත් විසඳුම් නැවත සකස් කිරීම’ නමින් සිදුවන මෙම ප්‍රතිපත්ති සංවාද හරහා, දැනුම සහිත හවුල්කරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, චින්තකයන්, සිවිල් සමාජ සංවිධාන (CSOs) සහ බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇතුළුව විවිධ දකුණු ආසියානු රටවල පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් ඇතුළු විවිධ සහභාගිකයන්ව එක් ස්ථානයකට රැස්කරනු ඇත. මෙම සංවාදමය අවස්ථාව තුළදී, සහභාගිවන්නන් විසින් සමාජීය සාධාරණත්වය, පරිසර හිතකාමීත්වය සහ දකුණු ආසියාවේ ශක්තිමත් නාගරික ප්‍රදේශ සඳහා නව රාමුවක් සියලුදෙනා සමඟ එක්ව සම-නිර්මාණය කිරීමේ අවසාන ඉලක්කය උදෙසා ඵලදායී අදහස් හුවමාරු කර ගැනීම, විවිධ දෘෂ්ටිකෝණයන් සහ ශක්තිමත් විවාදයන් ජනිත කරමින්, ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම්වල වර්තමාන රාමුව පිළිබඳ පු`ඵල් සාකච්ඡා සහ විවේචනාත්මක විශ්ලේෂණයන්හි නිරත වනු ඇත.
පර්යේෂණ මගින් පෙන්නුම් කරන ආකාරයට ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් කෙරෙහි වැඩි වන ගෝලීය අවධානය සහ සංවර්ධනය, දේශගුණය සහ ජෛව විවිධත්ව ගැටළු විසඳීමට ඇති විභව හැකියාව ඉස්මතු කරයි. කෙසේ වෙතත්, කලාපය සීඝ්රයෙන් ඉහළ යන නාගරීකරණය සහ ඉදිරි වසර 15 තුළ ආසන්න වශයෙන් මිලියන 250 ක ජනගහන වර්ධනයක් අපේක්ෂා කළ ද, දකුණු ආසියාතික නගර තවමත් සොබාදහම මත පදනම් වූ විසඳුම් ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛත්වය දී නොමැත. ප්‍රතිපත්ති විද්‍යාගාරයේ අරමුණ වන්නේ දකුණු ආසියානු නගරවල සන්දර්භය සමඟ ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් පෙළගැස්වීම, සමාජ සාධාරණත්වය, අඩු කාබන් විමෝචනය සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීම මගින් එකී අඩුපාඩුවට පිළියම් සැලසීමයි.
කලාපය පුරා සිටින හවුල්කරුවන් සමඟ සිදුකරන ලද මූලික පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීම් මගින් පෙන්නුම් කරනු ලබන්නේ නාගරික සැකසුම් තුළ ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් ව්‍යාපෘතිවල පාර්ශවකරුවන්ගේ නියැලීමේ ක්‍රියාවලීන් සීමිත වන අතර ප්‍රජා සහභාගීත්වය බොහෝ විට සිදුවන්නේ ව්‍යාපෘතිවල අධීක්ෂණ සහ ඇගයීම් අදියරේදී පමණක් බවයි. ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් ව්‍යාපෘති සාර්ථක වීම සහ සියලුදෙනා අන්තර්කරණයෙන් යුත් බව සහතික කිරීම සඳහා, ආරක්ෂිත අවකාශයන් නිර්මාණය කිරීම සහ හවුල් ඉගෙනුම් සංස්කෘතියක් දිරිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. ආන්තික ප්‍රජාවන් නොසලකා හැරීම සහ එවැනි ව්‍යාපෘතිවලින් ඔවුන් බැහැර කිරීම පවතින අසමානතා වඩාත් අයහපත් තත්ත්වයට පත්වීම සඳහා හේතුවේ. එමනිසා, මෙම ගැටළු විසඳීම ඉතා වැදගත් වේ. එපමණක් නොව, ඵලදායී ලෙස සොබාදහම පාදක කරගත් විසඳුම් සැලසුම් කිරීම සඳහා නාගරික පළාත් පාලන ආයතන සහ ජාතික මට්ටමේ සංවිධාන සම්බන්ධ වන හවුල්කාරිත්වයන් සහ නව්‍ය ප්‍රතිපත්ති අවශ්‍ය වේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්‍රතිපත්ති සංවාද වැඩසටහන කලාපයේ ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම්වල අනාගතය හැඩගැස්වීමට උපකාරී වනු ඇත. නාගරික සමාජ-දේශපාලන සන්දර්භවල සංකීර්ණතා ආමන්ත්‍රණය කිරීම සඳහා විවිධ පාර්ශ්වකරුවන් සමඟ දැනුම සම-නිර්මාණය කිරීම සහ සම-ඉගෙනීම තුළින් දකුණු ආසියාවේ සමාජීය වශයෙන් සාධාරණ, තිරසාර සහ ඔරොත්තු දෙන නගර පෝෂණය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
මාධ්‍ය විමසීම් සහ වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර රොනිකා පෝස්ටරියා හා සම්බන්ධ වන්න:
[email protected] සංක්‍රාන්ති පර්යේෂණ (Transitions Research)
සංක්‍රාන්ති පර්යේෂණ හෙවත් ට්රාන්සිෂන් රිසර්ච් යනු ඉන්දියාවේ අනාගතය සඳහා තිරසාර සංක්‍රාන්ති මාර්ගයන් අධ්‍යයනය කරන සමාජ විද්‍යා පර්යේෂණ සමූහයකි. අතීතයේ දී, ඔවුන් ඉන්දියාවේ පළමු නාගරික ජීවන පර්යේෂණාගාරය පිහිටුවා ඇති අතර නාගරික ගංවතුර සහ ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම්, ස්ත්‍රී පුරුෂ භාවය සහ තිරසාර සංවර්ධන නාගරික පාලනය තුළ නගර සහ ප්‍රජාවන් සමඟ සෘජුව වැඩකටයුතු කර ඇත. ඔවුන් නවෝත්පාදනයට පහසුකම් සැලසීමට සහ ඒවාට අදාළ ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සම-නිර්මාණය කිරීමට බොහෝ ප්‍රතිපත්ති පර්යේෂණාගාර සහ කලාපීය සංවාද සංවිධානය කර ඇත.
කොළඹ අර්බන් ලැබ් ආයතනය ශ්‍රී ලංකාවේ සාධාරණ සහ තිරසාර නගර ස්ථාපිත කිරීම සඳහා ක්‍රියා කරනු ලබයි. මෙම අයාතනය මගින් ආහාර පරිසරය, නිවාස, යටිතල පහසුකම්, සහ ජීවනෝපාය වැනි තීරණාත්මක තේමා මත කොළඹ ආශ්රිත ප්‍රජාවන් සමඟ ආචාර ධර්ම වලට අනුව කටයුතු කිරීම සඳහා පියවර ගනී.
දේශගුණික විපර්යාස සහ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික කේන්ද්‍රයෙහි මෙහෙවර වන්නේ දේශගුණික විපර්යාස පිළිබඳ දැනුම ලබා ගැනීම සහ බෙදා හැරීම මෙන්ම විශේෂයෙන් අනුවර්තනය වීම සහ අලාභ හානි සිදුවීම සහ එමඟින් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට රටේ සහ ගෝලීය දකුණේ දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීමට සාක්ෂි මත පදනම් වූ පර්යේෂණ, දේශීය අත්දැකීම්, දැනුම බෙදා හැරීම, ධාරිතාව ගොඩනැගීම සහ උපදේශනය හරහා උපකාර කිරීමයි.
ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය යනු ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිවාසිකම් - වේලි, නෛතික අයිතිවාසිකම්, පරිසරය, කෘෂිකර්මාන්තයේ මෙන්ම ස්ත්‍රී පුරුෂ භාවය ආදී ක්ෂේත්‍ර පිළිබඳව ඇති පුළුල් ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රජාමූල සංවිධානයන්ගේ සහ පුද්ගලයින්ගේ එකතුවෙන් සැදුම්ලත් සන්ධානයකි.
මෙම වැඩසටහන සඳහා සිඩා :( Government of Sweden-SIDA ) හි උපායමාර්ගික සහයෝගීතා අරමුදල යටතේ ඇති ‘දකුණු ආසියාතික නගරවල සාධාරණත්වය අන්තර්ග්‍රහණය කිරීම සහ නාගරික සොබාදහම පදනම් කරගත් විසඳුම් නැවත සකස් කිරීම’ සඳහා වන ව්‍යාපෘතිය හරහා අරමුදල් සපයනු ලබයි.