
කේපාපිලව් ගම්මානයේ ඉඩම් වහා නිදහස් කරන්න (ජනපතිට ලිපියක්)
Published
2019 ජනවාරි 15
ගරු ජනාධිපතිතුමනි,
2018 ඔක්තෝබර් මස 4 වන දින ජනාධිපති මාධ්ය ඒකකය විසින් වාර්තා කළ පරිදි උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධන ව්යාපෘති අධීක්ෂණය සදහා පත්කළ ජනාධිපති කාර්ය බලකාය සමග පැවති රැස්වීමේ දී ජනතාධිපතිතුමන් ‘2018 දෙසැම්බර් 31 වන දිනට පෙර උතුරු හා නැගෙනහිර පළාත්වල සියලු ඉඩම් ඒවායේ මුල් අයිතිකරුවන් වෙත පැවරීමේ කටයුතු සම්පූර්ණ කිරිමටත්, ඒ සම්බන්ධ සියලු ගැටලු නිරාකරණය කිරිමටත් උපදෙස් ලබා දී තිබුනි.
උතුරු හා නැගෙනහිර අවතැන්වූ ජනතාව මෙන්ම ඒ සම්බන්ධ උනන්දුවක් දක්වන සංවිධාන හා පුද්ගලයින් 2018 දෙසැම්බර් 27 වන දින ඔබවෙත ලිපියක් එවමින් ඔබගේ මෙම පොරොන්දුව ඉටු කරන ලෙස ඉල්ලා සිටියහ.
නමුත් අද වන තෙක් අපගේ ලිපියට ප්රතිචාරයක් ලැබී නොමැති අතර අවතැන්වූවන් බොහෝ ප්රමාණයක් තවමත් ඔවුන්ගේ මුල් ඉඩම් වෙත යා නොහැකිව සිටි.
එබැවින් අප නැවතත් ඔබ වෙත ලියනුයේ උතුරු හා නැගෙනහිර ඉඩම් නිදහස් කිරිම පිණිස වන ඔබගේ පොරොන්දුව නැවත මතක් කරලීමටය. මෙහිදී විශේෂයෙන්ම මුලතිව් දිස්ත්රික්කයේ කේපාපිලව් ගම්මානය වෙත විශේෂ අවධානය යොමු කරනු කැමැත්තෙමු. මෙම ගම්මානයේ ඉඩම් සමහරක් 2017 දෙසැම්බර් මාසයේ දී නිදහස් කරන ලද මුත් විශාල ප්රමාණයක් ඉඩම් තවමත් හමුදා පාලනය යටතේ පවතී. මෙම ජනතාවගේ ධීවර ජීවනෝපායන් සදහා අත්යවශ්යය කළපුව ආශ්රීතව ඔවුන් පදිංචි වී සිටි ඉඩම්, කෘෂිකාර්මික ඉඩම්, පාසැල, පල්ලිය, හින්දු දේවාලයක් හා සුසාන භූමිය සහිත ඉඩම් තවමත් හමුදාව පාලනයේ පවතී.
තමන්ගේ ඉඩම් නිදහස් කරදෙන මෙන් මෙම ජනතාව හමුදා කදවුර ඉදිරිපිට පසුගිය මාස 22 පුරා දිවා රැ නොතකා අඛණ්ඩ විරෝධතාවයක නිරතව සිටි. ඔවුන් මේ වන විට නිළධාරින් හා දේශපාලඥයින් සමග සාකච්ඡා ගණනාවක් ද පවත්වා ඇත.
පසුගිය කාලයේ විවිධ අවස්ථාවල මෙම ගම්මානයේ නායකයෙක් තමන්ගේ ඉල්ලීම උදෙසා මරණය තෙක් අඛණ්ඩ උපවාසයක් කිරිමට ද සූදානම් විය. ඔබ විසින් ලබා දුන් පොරොන්දුව අනුව සියලු ඉඩම් නිදහස් කිරිම සිදු නොවුන හොත් ඔවුන් නැවතත් එවැනි බරපතල ක්රියාමාර්ගයකට යොමු වීමේ අනතුරක් පවතී.
එබැවින් එවැනි තත්වයක් ඇති වීමට පෙර ඔබගේ පොරොන්දුවට ගෞරව කරමින් තවමත් නිදහස් නොකරන ලද සියලු ඉඩම් නිදහස් කරන මෙන් අපි ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
මෙයට විශ්වාසි
ඉඩම් අයිතිය සදහා වන ජනතා සන්ධානය