
ඉරණතිව් දූපත ධීවරයන්ට සීමා කිරීම
Published
Image Credit Ishara Danasekara
කිලිනොච්චිය දිස්ත්රික්කයේ, පූනගරි ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉරණතිව් ග්රාමනිලධාරී වසමට අයත් ඉරණතිව් දූපත කොටස් දෙකකින් සමන්විත ය. එනම් උතුරු හා දකුණු දූපත් වශයෙනි. මෙම කොටස් දෙක කිලෝමීටර 0.5 ක් පමණ පළල වැලි වැටියකින් එකිනෙක හා සම්බන්ධව පවතී. ප්රමාණයෙන් විශාල ඉරණතිව් උතුරු දූපත වර්ග කිලෝමීටර 4.22 ක් වන අතර ඉරණතිව් දකුණ කුඩා දූපත වර්ග කිලෝමීටර 1.17 ක ප්රමාණයෙන් යුක්ත වේ.
පෘතුග්රිසි හා ලන්දේසි පාලන යුගවල සිට 1992 වසර දක්වා මෙම දූපතේ ස්ථිර ජනාවාස පැවත තිබේ. පාසැල, පල්ලිය, ප්රාදේශීය සභා කාර්යාලයඇතුළු සියල්ල මෙම දූපතේ ස්ථාපිත ව තිබී ඇත. 1992 වසර වන විට ධීවර පවුල් 245 ක් පමණ පදිංචි ව සිට ඇති අතර දූපත මධ්යයේ කුඹුරුගොවිතැන හා ගොඩ ගොවිතැන මෙන් ම සත්ත්ව පාලනය (ගවයන් හා එළුවන්) ද සිදු කර ඇත.
දූපතේ පදිංචි ව සිටි ජනතාව ඡන්දය භාවිත කර ඇත්තේ ද මෙම දූපතේ ස්ථාපිත කරන ඡන්ද මධ්යස්ථානයක් තුළ ය. දූපතේ පදිංචි ව සිටි පවුල් 178 කට පමණ ස්වර්ණභූමි ඔප්පු හිමි ව තිබේ.
1992 වසරේ දී යුධමය තත්ත්වය දරුණු මට්ටමකට පත් වීම නිසා සියලූ ම ජනතාව දූපතෙන් ඉවත් වී මන්නාරම, ඉරණමාතා නගර් ප්රදේශයේපදිංචියට පැමිණ තිබේ. ඉන් පසු ව වරින් වර ධීවර කණ්ඩායම් ඉරණතිව් දූපතට ගොස් ධීවර කර්මාන්තයේ නිරත ව ඇති අතර නාවික හමුදාවවිසින් ධීවරයන් 49 දෙනෙකු බෝට්ටු සමඟ අත් අඩංගුවට ගෙන පහර දී රදවා තබා ගැනීම හේතුවෙන් යුද්ධය පැවති කාලයේ දී ඉරණතිව් දූපතේ ධීවර කටයුතු සම්පූර්ණයෙන් ම අතහැර දමා තිබේ.
2009 වසරේ දී යුද්ධය අවසන් වීමෙන් පසු ව නාවික හමුදාව විසින් මෙම සම්පූර්ණ දූපත අත් පත් කර ගෙන ස්ථාන 4 ක කඳවුරු බිම් ස්ථාපිත කරතිබේ. ඊට අමතර ව පොලිස් ස්ථානයක් ද ස්ථාපිත කර තිබේ. ඉන් පසු ව නාවික හමුදාව විසින් ධීවර ජනතාවට උතුරු දූපතට පැමිණීම තහනම්කර ඇති අතර දකුණු දූපතේ පමණක් ධීවර පවුල් 36 කට ස්ථිර පදිංචිය සඳහා අවස්ථා ව ලබා දී තිබේ.
නාවික හමුදාව විසින් ඉරණතිව් දූපතේ ධීවර කටයුතු සිදු කිරීමට බාධා කිරීම නිසා හා ප්රාදේශීය ලේකම් හා දිස්ත්රික් ලේකම් කාර්යාලයෙන් ඒසඳහා තහනමක් නොපවතින බවට දැනුම් දීම නිසා 2018 වසරේ දී ධීවර ජනතාව බලහත්කාරයෙන් දූපතට ඇතුළු වී ධීවර කර්මාන්තය ආරම්භකර තිබේ. දැනට පවුල් 63 ක් තාවකාලික කූඩාරම් ඉදි කර ගෙන ධීවර කර්මාන්තයේ නිරත වේ. නමුත් ස්ථිර ඉදිකිරීම් කිරීමට හෝ ඉදිකිරීම් ද්රව්ය දූපතට ප්රවාහනය කිරීමට හෝ නාවික හමුදාව අවසර ලබා නොදේ.
දූපතේ පවතින පානීය ජල ප්රශ්නයට විසදුමක් ලෙස 2019 වසරේ දී ඹභෘඡ ආයතනය මගින් නල ජල පහසුකම් සපයා දී ඇති නමුත් අද වන විට ඒ සියල්ල ප්රතිසංස්කරණය කර ගත නොහැකි ව විනාශ වී ගොස් තිබේ. මේ වන විට ප්රදානයක් ලෙස ඉතාලියෙන් ලැබුණු පානීය ජල පෙරණ පද්ධතිය දූපත දක්වා ප්රවාහනය කිරීමට නාවික හමුදාව අවසර ලබා නොදේ. දැනට මෙම උපකරණ කට්ටලය ඉරණමාතා නගර් හි පිහිටි ධීවර තොටුපලේ සමූපකාර සමිති ශාලාවේ ගබඩා කර තිබේ.
පසුගිය කාලය තුළ ඉරණතිව් දූපතේ ධීවර කර්මාන්තයේ නිරත ජනතාව ප්රාදේශීය ලේකම්ට හා දිස්ත්රික් ලේකම්ට බලපෑම් කර ස්වර්ණභූමි ඔප්පු හිමි ව සිටි පුද්ගලයන් අතුරෙන් 19 දෙනෙකුට අලුතින් ස්වර්ණභූමි ඔප්පු ලබා දී තිබේ. අනෙක් අයට එම ඔප්පු ලබා දීමට නොහැකි වී ඇත්තේ එම ඔප්පු දැනට පදිංචිව සිටින අය ගේ දෙමාපියන් ගේ නමට පැවතීව හේතුවෙනි. ස්වර්ණභූමි ඔප්පුවල හිමිකරුවන් වූ වැඩිහිටි අය බොහෝ දෙනෙක් මිය ගොස් ඇති අතර එම ඔප්පු දරුවන් නමට සකස් කර ගැනීමට නොහැකි වී ඇත.
දැනට ප්රධාන දූපත නැතහොත් උතුරු දූපතේ ධීවර පවුල් 2 ක් නිවාස තනාගෙන ස්ථිර ව පදිංචි ව සිටින නමුත් අනෙක් ස්වර්ණභූමි ඔප්පු හිමිපුද්ගලයන්ට ස්ථිර පදිංචිය සඳහා දූපතට පිවිසීමට හෝ නිවාස තනා ගැනීමට නාවික හමුදාව විසින් අවස්ථාව ලබා නොදේ.
නමුත් ප්රාදේශීය ලේකම් හා දිස්ත්රික් ලේකම් විසින් එවන් කිසිදු බාධාවක් නොමැති බවට ජනතාවට සඳහන් කරයි.
නමුත් ධීවර ජනතාව සඳහන් කරන්නේ කිසිදු ඉදිකිරීමේ ද්රව්යයක් දූපතට ගෙන යාමට නාවික හමුදාව අවස්ථාව නොදෙන බව ය. ඔවුන් සඳහන් කරන්නේ අපිට අපේ ඉඩම්වල නිවාස තනා ගෙන ධීවර රැකියාව හා කුඹුරු ගොවිතැන් කර ගෙන ජීවත් වෙන්න ආසයි. ඒත් නාවික හමුදාව ඒකටඉඩ දෙන්නේ නැත්තේ ඉන්දියානු අදානි සමාගමට මෙම දූපතේ සූර්ය බලශක්ති බලාගාරයක් හා සුළං විදුලි බලාගාරයක් ඉදි කිරීමට ලබා දීමට සැලැසුම් කර ඇති නිස යි. අපට අපේ ඉඩම්, අපේ දූපත්, අපේ මුහුද අහිමි කරල තියෙන්නේ සමාගමක අවශ්යතාවයට. අදානි සමාගම වෙනුවෙන්නාවික හමුදාව හා රජය අපිට අපේ භූමියට යන්න දෙන්නේ නැහැ. එහි ජීවත් වෙන්න දෙන්නේ නැහැ. මේ වන විට ඉන්දියානු ධීවරයන් බෝට්ටු වලින් පැමිණ ඉරණතිව් දූපත වටා මුහුදු සීමාවේ නීති විරෝධී ට්රෝලිං ක්රමයට මසුන් අල්ලනවා. විශාල හානියක් මුහුදට ඇති කරනවා. මේවා එකක්වත් පාලනය කරන්නෙ නැති ව අපිට දූපතට යන්න තියෙන අවස්ථාව නැති කරල අපි ව අසරණ කරල තියෙන්නේ. මේ ඉරණතිව් ධීවර ජනතාව ගේ අදහස්.
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කොටසේ දැක්වෙන පරිදි ඉරණතිව් ගම්මානයේ ජීවත්වන ජනතාව ගේ මූලික අයිතිවාසිකම් වන නීත්යානුකූල වෘත්තියක, කර්මාන්තයක නිරත වීමේ අයිතියට හෝ අභිමත ස්ථානයක වාසය කිරීමේඅයිතියට බාධා වන ආකාරයෙන් නාවික හමුදාවට කටයුතු කළ නොහැකි ය. එපමණක් නො ව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කොටසේ දැක්වෙන නීතිය පසිඳලීම සහ ක්රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුතු ය යන අයිතිවාසිකම් මත හැර බලහත්කාරයෙන් නාවික හමුදාව විසින් අභිමත බලය භාවිත කර ජනතාව පීඩනයට ලක් කළ නොහැකි ය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1948 දෙසැම්බර් මස 10 වන දින සම්මත කර ගත් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයේ සඳහන් කරුණු කීපයක් අවධානයට ලක් කිරීම ද වැදගත් වේ. 1955 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ලබා ගත් රටක් ලෙස ශ්රී ලංකාව මෙම මානව අයිතිවාසිකම් පිළිපැදීමට බැදී සිටී. මෙම ප්රකාශනයේ 1 වැනි වගන්තිය අනුව රටක ජීවත්වන සියලු ම මිනිසුන් ගේ ගරුත්වය සහ අයිතිවාසිකම් අතින් සමානව පවතී. 6 වන වගන්තියට අනුව නීතිය ඉදිරියේ පුද්ගලයකු ලෙස සෑම අතින් ම සැලකුම් ලැබීමට සෑම කෙනෙකුට ම අයිතිය ඇත. එපමණක් නොව 7 වන වගන්තියට අනුව නීතිය ඉදිරියේ සියල්ලෝ ම සමාන වෙති. නමුත් නාවික හමුදාව විසින් ඉරණතිව් දූපතේ ධීවර රැකියාවේ නිරත ජනතාවට මේ සියල්ල අහිමි කර තිබේ.
මේ අහිමි කිරීම් සියල්ල ජාතීන් අතර සහයෝගය බිඳ වැටීමටත් රටේ ප්රජාතන්ත්රවාදී පාලන ව්යුහය බිඳ දැමීමටත් ආර්ථික හා දේශපාලන අර්බුදඇති කිරීමටත් හේතු වන බව නොදන්නා ආණ්ඩුව නාවික හමුදාව භාවිත කර සමාගම්වලට ලබා දීමට සැලැසුම් කර ඇති ඉඩම් ජනතාව ගේභාවිතයෙන් ඉවත් කර තබා ගැනීමට උත්සාහ කරති. මේ නිසා රටේ සියලූ ම ජනතාව ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් මේතත්ත්වයට එරෙහිව ක්රියාත්මක වීම සෑම පුරවැසියකු ගේ ම යුතුකම හා වගකීම වේ.
සජීව චාමිකර