
නැගෙනහිර පළාතේ සිතන්ඩි හි දෙමළ එඬේරුන්ගේ සාමකාමී විරෝධතාවය.
Published
නැගෙනහිර පළාතේ සිතන්ඩි හි දෙමළ එඬේරුන්ගේ සාමකාමී විරෝධතාව
2023 සැප්තැම්බර් 15 වන දින සිට මෛලත්තමඩු ගව පාලනයේ යෙදෙන නැගෙනහිර පළාතේ සිතන්ඩි හි දෙමළ එඬේරුන්, සිය අයිතිවාසිකම් ඉල්ලා අඛණ්ඩ උද්ඝෝෂණයක් සහ විරෝධතා ව්යාපාරයක් සිදුකරමින් සිටී. අද වනවිට එම විරෝධතාවය දින 146 ත් පසුකර ඇත. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ, මෛලත්තමඩු ප්රදේශයේ ගව පාලනය සඳහා වෙන් කර දී තිබූ ප්රදේශවලින් අනවසර වගාකරුවන් ඉවත්කර, සිංහල, දෙමළ සහ මුස්ලීම් වාර්ගික කණ්ඩායම් වල ගව පාලනයේ යෙදී ඉන්නා පිරිසට බාධාවකින් තොරව එම කටයුතු පවත්වාගන යාමට ඉඩකඩ සළසා දෙන ලෙසටයි.
අද වනවිට එම විරෝධතාවය දින 122 ත් පසුකර ඇත.
මෛලත්ත මඩු යනු, 1972 වර්ෂයේ සිට මඩකළපුව දිස්ත්රික්කයේ ගව පාලනයේ යෙදෙන කිරි ගොවීන්ගේ ගවයින් ට තෘණ සඳහා වෙන් කෙරුණ බිම් තීරුවයි. මෙය ප්රමාණයෙන් හෙක්ටයාර 15000කට වඩා වැඩි භූමියක් වන අතර, මාදුරු ඔය වනෝද්යානය තුළ පිහිටි මේ බිම්කඩ අදවනවිට මහවැලි අධිකාරිය යටතේ, මහවැලි බී කළාපයට පවරා ගනු ලැබුණ භූමියකි. සිංහල, දෙමළ සහ මුස්ලීම් යන වාර්ගික කණ්ඩායම් තුනටම අදාල කිරි ගොවීන් 990කට වඩා වැඩි පිරිසක් මෙහි ගව පාලනයේ යෙදෙමින් ගව පට්ටි පවත්වාගෙන යනු ලබයි. මඩකළපුව දිස්ත්රික්කයේ ලක්ෂ පහක පමණ වන ගවයින්ගෙන් ලක්ෂ තුනකට වඩා තෘණ සපයා ගනු ලබන්නේද මයිලත්තමඩු භූමියෙනි. කිරි ගොවි පාලනයෙන් සෘජුව සහ වක්රව පවුල් 3000කට වැඩි ප්රමාණයකට ජීවිකාව පවත්වාගන යාම සඳහා ඉන් පිටුවහලක් සැපයේ. 1980 දශකයේ දකුණේ රජයේ හමුදා සහ උතුරු-නැගෙනහිර සන්නද්ධ තරුණ කණ්ඩායම් අතර ඇති වූ යුධමය තත්වය හේතුවෙන් බොහෝ දෙනෙකු මෛලත්තමඩු ප්රදේශයට ගමන් කිරීම නවතා දමන ලදී. එහෙත්, 2009 වර්ෂයේ දී යුධමය තත්වය පහව යෑමත් සමග නැවත කිරි ගොවීන් සිය ජීවිකාව වූ කිරි ගවයින් පාලනය සඳහා මෛලත්තමඩු ප්රදේශයට ප්රවේෂ වුවත් ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සහ වන-ජීවී දෙපාර්තුමේන්තුව ඉඩකඩ අහුරණ ලදී. කෙසේ වුවද, 2009 වර්ෂයේදීම එම බාධාව ඉවත් කරමින්, කිරි ගොවීන් සඳහා මෛලත්තමඩු ප්රදේශය යලි ලබා දීමට චෙන්කල්ඩි සහ කිරාන් යන ප්රදේශීය ලේඛම් කොට්ඨාස වල ප්රාදේශීය ලේකම්වරු තීරණය කරයි. එතැන් සිට, එනම්, 2010 සහ 2011 වර්ෂ වලදී බාධාවකින් තොරව කිරි ගොවීන් ගව පාලනයේ යෙදුන මුත් 2012 වසරේදී කිරි ගොවි පාලනය සඳහා බාධාවන් පැමිණේ.
අද වනවිට එම විරෝධතාවය දින 126 ත් පසුකර ඇත.
2012 වසරේදී දෙහිඅත්තකන්ඩිය, පොළොන්නරුව සහ අරලගන්විල ප්රදේශවල සිට පැමිණි පිරිස් විසින්, මෛලත්තමඩු කිරි ගවයින්ගේ තෘණ භූමි මත බලහත්කාරයෙන් වගා බිම් පවත්වාගන යාමට උත්සහ කරනු ලබයි. අද, මේ මොහොතෙ වන විට උද්ගතව ඇති මෛලත්තමඩු කිරි ගොවීන්ගේ ගැටළුව ආරම්භ වන්නේ එතැන් සිටයි. මාදුරු ඔය වනෝද්යානය තුළ මනුස්ස ක්රියාකාරකම් අවම කිරීමේ අරමුණෙන් ගව පාලනය සඳහා පමණක් ඉඩකඩ ලබා දී තිබුණ ද, එය නොතකා බලහත්කාරයෙන් පැමිණි පිරිස වනාන්තර භූමිය අල්ලාගන එහි තාවකාලික වාසස්ථාන ඉදිකර, මහා පරිමාණ අනවසර වගා බිම් බවට එය පරිවර්ථනය කරනු ලබයි. ලක්ෂ තුනකට වඩා වැඩි ගවයින් සඳහා පැවති තෘණ භූමිය වුවද ප්රමාණවත් නොවුනු අතර බලහත්කාරී ලෙස ගොවි තැන් කිරීමට පැමිණි ගොවීන් විසින් කරනු ලැබූ වගා කටයුතු නිසා තව දුරටත් තෘණ භූමිය සීමා වන්නට විය. අනවසර ගොවීන් විසින් අනවසර, අනාරක්ෂිත විදුලි වැටවල් ඇද වගා බිම් කොටුකර ඇති නිසා ගවයින් සඳහා තෘණ භූමි සීමාසහිත වූවා පමණක් නොව, අනාරක්ෂිත විදුලි වැටවල් වල වැදීම නිසා කිරි ගොවීන්ගේ ගවයින් මිය යාම ඒ සමග ආරම්භ වේ. ඉන් නොනවතින අනවසර වගාකරුවන් විසින් ගවයින්ට වහ දීම, කපා-කොටා තුවාළ සිදු කිරීම සහ වෙඩි තැබීම පවා මේ මොහොත වන විටද ද සිදුකරමින් සිටී.
මෙවන් තත්වයක් තුළ, අනවසර වගා බිම් පවත්වාගන යන්නන් හට නීතිය ක්රියාත්මක කරනවා වෙනුවට, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව වුවද, අධිකරණ ක්රියාමාර්ග වලට එළඹෙනු ලබන්නේ කිරි ගොවි පාලනයේ යෙදෙනවුන්ට එරෙහිවයි. 2015 වර්ෂයේ යහපාලන රජය පැමිණීමත් සමග, මෛලත්තමඩු කිරි ගොවීන් මුහුණ දුන් දුක් කම්කටොළු ත්ව්ර වී තිබේ. කිරි ගොවීන්ගේ අදහස වන්නේ, පොළොන්නරුව ප්රදේශයෙන් ජනාධිපති ලෙස මත්රීපාල සිරිසේන තේරී පත්වීමත්, එම දේශපාලන බලාධිකාරයේ සෘජු හෝ වක්ර සහය ඇතිව මෙම අනවසර වගා බිම් පවත්වාගන යනු ලබන්නන් හට ලැබෙන දේශපාලන රැකවරණය සහ උසිගැන්වීම මත තමන්ට කෙනෙහෙලිකම් සිදුවන බවයි.
2015 වර්ෂයේ නැගනහිර පළාත් පළාත් සභාවේ කෘෂිකර්ම ඇමති මෛලත්තමඩු කිරි ගොවීන්ගේ ගැටළුව පිළිබඳව සොයා බලා ඇත. එහිදී අනාවර්ණය වී ඇත්තේ, 1975 වසරේදී, මහවැලි බී කළාපය යටතේ මෛලෙත්තමඩු භූමිය, ගව පාලනය සඳහා ලියාපදිංචි කර ඇති බවටයි. එම වර්ෂයේ දීම, මඩකළපුව දිස්ත්රික් ලේකම්වරයා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝගයක් යවා ඇත. එම නියෝගයට අනුව, මෛලත්තමඩු ප්රදේශයට පැමිණ අනවසර වගා බිම් පවත්වාගන යන්නවුන් එම භූමියෙන් ඉවත් කිරීම වනසංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සිදු කළ යුතුව තිබේ. නමුත් එම නියෝගය නොසළකා හරින්නට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කර ඇත.
වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ගව පාලනයේ යෙදෙනවුන්ට එරෙහිව දෙහිඅත්තකන්ඩිය මහේස්රාත් අධිකරණයේ ගොනුකරනු ලැබූ නඩුවකට අදාල තීන්දුව 2017 වසරේදී ලබා දෙයි. මහේස්රාත්වරයාගේ තීන්දුවට අනුව, ඉන් මෛලත්තමඩු කිරි ගොවීන්ගේ අයිතිය පිළිගෙන ඇත. උසාවි තීන්දුවට ගරු කරමින් මහවැලි අධිකාරිය හෝ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සියළු අනවසර වගාකරුවන් ඉවත් කිරීමක් එම අවස්ථාවේදී පවා සිදු නොකර සිටීම අනුමත කළ නොහැකි තත්වයකි. තවද, නැගෙනහිර පළාත් කෘෂිකර්ම ඇමති, එරාවූර් සංචාරක උසාවියේ මෙම අනවසර වගාකරුවන්ට එරෙහිව නඩුවක් ගොනු කරනු ලබන අතර, එහි තීන්දුවෙන් අනවසර වගාකරුවන් ඉවත් කරනා ලෙස නියෝගකොට ඇත. ඒ අනුව, අනවසර වගාකරුවන්ට අයත් නිවාස 106ක් සහ පවුල් 300කට ආසන්න ප්රමාණයක් මෛලත්තමඩු ප්රදේශයෙන් ඉවත් කිරීමට මහවැලි අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබේ. උසාවි නියෝග දෙකකින්ම මෛලත්තමඩු කිරි ගොවීන්ගේ අයිතිය පිළිගෙන තිබූ නිසා 2019 වසර වන තෙක් බාධාවකින් තොරව ගව පාලනයේ යෙදෙන්නට කිරි ගොවීන්ට හැකි වේ.
2019 දී යහපාලන රජය බිඳවැටී ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති වීමත් සමග අලුත් මුහුණුවරකින් මෛලත්තමඩු කිරි ගොවි ප්රශ්නය කරලියට පැමිණේ. නැවතත් අනවසර වගාකරුවන්ගේ හිරිහැරයට ලක්වන්නට මෛලත්තමඩු කිරි ගොවීන්ට සිදු වේ. ගව පාලනයේ යෙදවුන්ගේ වාඩි කිහිපයකට ගිනි තබා සම්පූර්ණයෙන් විනාශ කරන අතර හක්කා පටස් දී හරකුන්ට තුවාළ සිදු කිරීම, ගව පාලනයේ යෙදෙන අයට පහර දීම, හරකුන්ට වෙඩි තබා මරා දැමීම වැනි ක්රියාමාර්ග වලට අනවසර වගාකරුවන් යලි එළඹ තිබේ. ඊට විරුද්ධව කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට දෙමළ සංධානයේ සුමන්තිරන් මන්ත්රීවරයා කටයුතු කරනු ලබන අතර ඊට අදාල මාහාධිකරණ තීන්දුව ලෙස අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට මහවැලියට සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කොට තිබේ. නමුත් අධිකරණ තීන්දුව නොසළකා හැරීමට මහවැලි අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව දිගින් දිගටම කටයුතු කරනු ලබයි. අනවසර වගාකරුවන් ඉවත් කිරීමට මාහාධිකරණය ලබා දුන් තීන්දුව ක්රියාත්මක නොකොට උසාවියට අපහාස කිරීම නිසා මේ වන විට ඊට එරෙහිවද අධිකරණ ක්රියාමාර්ග වලට එළඹීමට මෛලත්තමඩු කිරි ගොවීන් තීරණය කර ඇත.
මෛලත්තමඩු ප්රදේශයෙන් අනවසර වගාකරුවන් ඉවත් කිරීමට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා 2023 වසරේදී මහවැලි අධිකාරිය විසින් එරාවූර් සංචාරක උසාවියේ ගොනුකරනු ලැබූ නඩුකරයකට අදාලව තීන්දුව මේ වනවිට ප්රකාශයට පත්වී තිබේ. ඉන් කියවෙනු ලබන්නේ අනවසර වගාකරුවන් ඉවත් කරනා ලෙසටයි. එමෙන්ම, හිටපු පොලිස්පතිවරයා ද අනවසර වගාකරුවන් ඉවත්කරනා ලෙසට නියෝගයක් නිකුත් කර තිබේ. 2023 වර්ෂයේ ඔක්තෝබර් මස වර්ථමාන ජනාධිපති රනිල් වික්රමසිංහ මෛලත්තමඩු කිරි ගොවීන් හමු වීමට පැමිණ තිබේ. ජනාධිපතිවරයා කිරි ගොවීන් හමු වූ බව දැනගත් අනවසර වගාකරුවන් මේ වන විට ගවයන් 300ක් පමණ මරා දමා ඇත. නීතියේ පිළිසරණ ලැබුණද, එය ක්රියාත්මක නොවීම තව දුරටත් සිදු වන නිසා දිනෙන් දින මෛලත්තමඩු කිරි ගොවීන් ගේ ජීවිත අවදානම පවා වැඩි වී තිබේ. මෛලත්තමඩු කිරි ගොවීන් පවසා සිටිනු ලබන්නේ, දකුණ සිතනා පරිදි ඔවුන් කිසි විටකත් සිංහල ජනයාගේ ගව පාලනයට විරෝධයක් නොදක්වන බවයි. ඔවුන් ඉල්ලා සිටින්නේ, මෛල්ලත්තමඩු ප්රදේශයේ තහනම් ගොවිතැන ඉවත් කර, පෙර පැවතියා මෙන් ගව පාලනයට සහ ඔහුන්ගේ ජීවිකාව කරගෙන යාමට අවශ්ය වටාපිටාව සකසා දෙන ලෙසයි.