
"නැවත පැමිණීම වෙනුවෙන් වූ කැබිනට් තීරණයෙන් වසර පහකට පසුවත් - පානම වැසියන් තවමත් තම නිවෙස් කරා පැමිණ නැත" - පානම ඉඩම් අරගලය සමඟ සහයෝගය සඳහා වූ PARL ප්රකාශය
Published
2020 පෙබරවාරි 11
නැවත පැමිණීම වෙනුවෙන් වූ කැබිනට් තීරණයෙන් වසර පහකට පසුවත් - පානම වැසියන් තවමත් තම නිවෙස් කරා පැමිණ නැත
පානම ඉඩම් අරගලය සමඟ සහයෝගය සඳහා වූ PARL ප්රකාශය
පානම ඉඩම් නැවත ඔවුන්ගේ මුල් අයිතිකරුවන්ට නිදහස් කිරීම වෙනුවෙන් වූ කැබිනට් තීරණය ගෙන වසර පහක් සපිරේ. 2015 පෙබරවාරි 11 වන දින පැවති කැබිනට් මණ්ඩල තීරණයක දී ගොඩනැගිලි ඉදිවෙමින් පවතින අක්කර 25 ක් හැරුණු විට ප්රදේශයේ ඉඩම් නොමැති පුද්ගලයින් අතර බෙදා හැරීමට හැකිවන පරිදි පානම පිහිටි ශ්රී ලංකා ගුවන් හමුදාවේ පාලනය යටතේවූ ඉඩම නිදහස් කිරීමට පසුගිය රජය විසින් තීරණය කරනු ලැබීය.
අම්පාර දිස්ත්රික්කයේ පානම ශාස්ත්රවෙල සහ රාගම්වෙල ගම්මානවල ජනතාව 2010 දී බලහත්කාරයෙන් සිය ඉඩම්වලින් ඉවත් කර (යුද්ධයෙන් පසු) තිබෙන අතර එතැන් සිට ඔවුන් නැවතත් සිය නිවෙස් කරා යාමට අරගල කරමින් සිටිති. යුද්ධය අවසන් වී වසරකට පසු 2010 ජූලි 17 වන දිනල වෙස්මුහුණු පැළඳගත් දැඩි ලෙස ආයුධ සන්නද්ධ පිරිසක් රාගම්වෙලට ඇතුළු වී පැල්පත් හතක් සහ ප්රාදේශීය බෞද්ධ විහාරස්ථානයක් පුළුස්සා ගම්වැසියන්ට පහර දුන් අයුරු ගම්වාසීන් විසින් විස්තර කරයි. ගම්වාසීන් කියා සිටින්නේ ප්රදේශීය සභාවේ හිටපු සභාපතිවරයකුගේ (එවකට රාජපක්ෂ රජයට සමීප සම්බන්ධතා ඇති බවට චෝදනා ලැබූ) සහය ඇතිව ගුවන් හමුදාව සහ විශේෂ කාර්ය සාධක බලකාය (STF ) ඔවුන්ගේ පැල්පත්වලට ගිනි තැබීම සහ ඔවුන්ගේ ඉඩම්වලින් ඔවුන්ව පලවා හැරීම සඳහා වගකිව යුතු බවයි. පිළිවෙලින් ශාස්ත්රවෙල සහ රාගම්වෙල යන ගම්වලින් පවුල් 75 ක් සහ 34 ක් බැගින් ඉවත් කර තිබේ. එහි ප්රතිඵලයක් ලෙස ඔවුන් පසුගිය දශකය පුරා සත්කාරක පවුල් ඥාතීන් සමඟ සහ කුලී නිවැසියන් ලෙස ජීවත් වී තිබේ.
ප්රජාව විසින් කරන ලද අභියාචනයකට ප්රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2015 අගෝස්තු 3 වන දින අම්පාර ප්රාදේශීය ලේකම් වෙත ලිපියක් යවමින් ගුවන් හමුදාව විසින් රඳවා ගනු ලැබූ ඉඩම් අක්කර 25 ක් හඳුනා ගන්නා ලදීග අගෝස්තු 24 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉල්ලා සිටියේ ඉතිරි ඉඩම් මැන බලා නැවත ප්රජාවට ලබා දෙන ලෙසයිග එහෙත් නැවතත්ල මෙතෙක් ඒ පිළිබඳව කිසිදු ප්රගතියක් අත්කර ගැනීමට නොහැකි වී තිබේ.
එබැවින් 2016 මාර්තු 26 දින රාගම්වෙල වැසියන් බලහත්කාරයෙන් සිය ඉඩම්වලට ඇතුළු වූහ. පොතුවිල් පොලිසිය සහ ලාහුගල ප්රාදේශීය ලේකම්වරයා විසින් ප්රජාව ඇතුළුවීම සහ ඉන් පසු ඒවායේ රැඳී සිටීම වැළැක්වීමට උත්සාහ කළ නමුත් ප්රජාව ඊට එරෙහිව අධිෂ්ඨාන සහගතව සිටියහ. පසුව පොලිසිය විසින් ජනතාව ඉවත් කිරීම සඳහා පොතුවිල් මහේස්ත්රාත්වරයාගෙන් අතුරු නියෝගයක් ගෙනෙන ලදි. දින දෙකකට පසු විරෝධතාකරුවන් විසින් මෙම නියෝගය අධිකරණයේ දී අභියෝගයට ලක් කළ අතර මාර්තු 30 වන දින පොතුවිල් මහේස්ත්රාත් අධිකරණය මගින් ප්රජාවට පක්ෂව තීන්දුවක් ලබා දී ඔවුන්ගේ ඉඩමට ඇතුළුවීමට හා රැඳී සිටීමට ඔවුන්ට අයිතිය ලබා දුන්නේය. තව දල අධිකරණය විසින් ඉඩම මැන බලා විසඳුමකට පැමිණෙන ලෙස ලිඛිත නියෝගයකින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් 2016 මැයි 24 වන දින ලාහුගල ප්රාදේශීය ලේකම් විසින් නිවැසියන්ට තම ඉඩම් අත්හරින ලෙස ඉල්ලා ලිපියක් නිකුත් කරන ලදී. ගම්වාසීන් එය ප්රතික්ෂේප කළහ. ඒ වෙනුවට ඔවුන් තම නිවෙස් නැවත ගොඩනඟා ගැනීම සහ තම වගාව ආරම්භ කිරීම සඳහා ඉඩම් එළි කිරීම ආරම්භ කළහ.