
කේපාපිලව්හී ගම්වැසියන් විසින් ඔවුන්ගේ ඉඩම් යළි අයිති කර ගැනීමට ගෙන යන අරගලය පිළිබඳ ප්‍රකාශය
Published
2019, ජනවාරි 30 දින.
ඉඩම් අයිතිය සඳහා වන ජනතා සංවිධානය (PARL) වන අපි, පසුගිය සති අන්තයේ මුලතිව් ප්‍රදේශයේ කේපාපිලව්හීදී , ඔවුන්ගේ ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි උද්ඝෝෂකයන් සමඟ පොලීසිය ගනුදෙණු කළ ආකාරය පිළිබඳ සැලකිල්ලෙන් සිටියෙමු. 2019, ජනවාරි 26 වන දින උදෑසන, කෙප්පපුලව් සිට ධෛර්යවන්ත හා නිර්භීත කාන්තාවෝ කණ්ඩායමක්, තම ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා, හමුදා බලයෙන් අත්කර ගෙන සිටින ඔවුන්ගේ ඉඩම් දෙසට කිලෝ මීටර දෙකක් පමණ පෙළපාළියක ගමන් කළහ. ඔවුන් හමුදා කඳවුරේ ප්‍රධාන පිවිසුම දෙසට ඇවිද යන විටම, පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක්(ආසන්න වශයෙන් 45ක්) සහ කඳවුරු ගේට්ටුවලින් එපිට ගාල් කොට තිබූ, අවම වශයෙන් පොලිස් රථ පහක් (බසයක්, ලොරියක්, ජීප් රථයක් සහ කාරයක් ඇතුළුව) ඔවුන් හමුවට පැමිණියහ. කාන්තාවන් කණ්ඩායමට ඉතා ඉක්මනින් තවත් අවතැන් වූ ගම්වැසියන් පිරිසකට එක් වූ අතර, ඔවුන් ඉදිරියෙහි සිට ගෙන සිටිනවාත් සමඟ, කඳවුරු ගේට්ටුව ඉදිරිපිට එක්රැස් වන උද්ඝෝෂකයන්ට ඔනෑකමින් බාධා සිදු කරන අයුරින් පොලිස් රථවාහන ගාල් කෙරුණි. තම ඉඩම් මුදා හැරීම සම්බන්ධයෙන් ඔවුන් හට ස්ථීර සහ ලිඛිත සහතිකයක් බලධාරීන්ගෙන් ලැබෙන තුරු, උද්ඝෝෂකයන් කඳවුරු ගේට්ටුවට විරුද්ධ පසින් හිඳ සිටීමට අදහස් කළහ.
හමුදා බලකායේ කාර්ය මණ්ඩලය මඟින්, සිවිල් පිට අඛණ්ඩ මුර කිරීමක් සිදු කළ අතර, ඔවුහු කඳවුර අභ්‍යන්තරයේ සිට සෙනසුරාදා සහ ඉරිදා යන දින දෙකෙහිම, උද්ඝෝෂකයන් ඡායාරූපගත කිරීම, සේයාරූගත කිරීම, ඔවුන්ගේ රථවාහන නිරීක්ෂණය සිදු කළහ. මේ අතරතුර, ජනතාවට සහයෝගය දැක්වීමට මෙන්ම, උද්ඝෝෂණය පිළිබඳ නිරීක්ෂණය කිරීමට සහ වාර්තා කිරීමට PARL හි කණ්ඩායමක් එහි සිටියහ.
ජනවාරි 24 වන දින, ප.ව 7.30 ට පමණ, කේ. චන්ද්‍රලීලා මහත්මියට සහ ඉන්ද්‍රානි විවේහානන්දන් මහත්මියට පසුදින (25 වන දා) අධිකරණය ඉදිරියේ පෙනීසිටින මෙන් පොලීසිය විසින් කැඳවීමක් සිදු කොට තිබුණි. ජනවාරි 25 වන දින පැවැත්විමට ඉඩ තිබෙන උද්ඝෝෂණයක් පිළිබඳව මුලතිව් පොලීසිය විසින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ගොනු කොට තිබූ නමුදු, අධිකරණය විසින් උද්ඝෝෂණ කිරීමට ජනතාව සතු අයිතිය පිළිගත් අතර, ඊට බාධා නොකරන මෙන් පොලීසියට අවවාද කළේය මාර්ග අවහිර නොකිරීමටත්, කඳවුරට ගල් නොගැසීමටත් සහ පොදු ජනතාවට බාධා වන අයුරින් කිසිඳු කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු නොකරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා අවවාද කොට තිබුණි.
26 වන දින උදෑසන ඉඩම අසල සිටි පොලීසිය පැවසූයේ ඔවුන් එහි රැඳී සිටින්නේ අධිකරණ නියෝගය පිළිපදිනවා දැයි තහවුරු කිරීමට බවයි. කෙසේවෙතත්, ආක්‍රමණයෙන් ප්රත්යක්ෂ වන්නේ, උද්ඝෝෂණකරුවන් සඳහා, ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා හෝ සාමකාමී උද්ඝෝෂණයක් සඳහා ඔවුන් හට ඇති අයිතිවාසිකම් ඉහළ නංවමින් අධිකරණය විසින් නිකුත් කොට ඇති නියෝග සඳහා හෝ පොලීසියට තැකීමක් නොමැති බවයි. හමුදා රැකියාවේ නෛතිකත්වය ප්‍රශ්න කිරීම වෙනුවට, නෛතික ඉඩම් අයිතිකරුවන් උද්ඝෝෂණය කිරීම වැළැක්වීමට පොලීසිය වඩාත් උද්යෝගීමත් වන්නේ ඇයි දැයි යන ප්රශ්නය මින් මතු වේ . පොලිස් රථවාහන සහ සේවක මණ්ඩලය, මාර්ගය අසල උපක්රමික ස්ථානවල සහ සෙවණේ රැස්ව සිටි අතර, ඉන් උද්ඝෝධණකරුවන්ට පොලිස් බසයේ දර්ශනයෙන් සැඟවී සිටීමට හෝ, පිළිස්සෙන තරමේ අව් රශ්මියේ සිටින්නට පොළඹවාලීමක් සිදු කෙරිණි. පොලීසිය විසින් ජනතාව සෙවණේ සිට තම ආහාර පිසීම වැළැක්වීම, කඳවුරින් එපිට ජනයාට භාවිතය සඳහා ජලය හමුදාව විසින් කපා හැරීම සහ ඔවුන්ගේම ඉඩම් අහිමිව අවතැන් වූ ප්රජාවකට මූලික මිනිස් අවශ්‍යතා පොලිසීය විසින් අහිමි කිරීම පිළිබඳ අපි සැලකිලිමත් වන්නෙමු. වයස්ගත පුද්ගලයන් හා දරුවන් ඇතුළු පැමිණ සිටි ජනයා, අධිකරණ නියෝගය මඟින් යළි තහවුරු කළ, ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට දැරූ ප්රයත්නයේදී, මහත් අපහසුතාවයට සහ පීඩාවට පාත්‍ර වූහ.